Monday, January 15, 2018

ට්‍රම්ප් ටිකක් මෝඩ පහේ තමා ඒත් ජාතිවාදියෙක් නෙවී - හිටපු බිරියගෙන් ප්‍රකාශයක්



එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතැම් විට "මෝඩ පහේ" දේවල්  කරන නමුත් අනිවාර්යෙන්ම “ජාතිවාදියෙකු" නොවන බව ඔහුගේ පළමු බිරිඳ වන ඉවානා ට්‍රම්ප් පවසා තිබේ.

පසුගිය සතියේ අප්‍රිකානු ජාතීන් පිළිබඳ ජනාධිපතිගේ අමනෝඥකම පිළිබඳව එක්සත් රාජධානියේ ගුඩ් මෝනිං බ්‍රිටිෂ් රූපවාහිනී නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මේ කාලයේ එරට පදිංචිව සිටින ඉවානා ට්‍රම්ප් මේ බව කියා ඇත.

ඇය කියා සිටියේ  "සමහර වෙලාවට එයා මෝඩ දේවල් කියනවා තමයි" යනුවෙනි.
'ට්‍රම්ප් ජාතිවාදියෙක්ද?'  ඇසූ විට ඇය කියා සිටියේ "ඔහු ඉතා ස්ථාවර ලෙස අදහස් පළ කරන කෙනෙක් ඉතා අවධානයෙන් හා ඉතා සංවිධානාත්මකව ඔහු වචන හසුරුවනවා ඔහු තර්කයක් ඇතිව යමක් කියනවා.ජාතිවාදියෙක් ලෙස මට නම් කිසිසේත් නම් කළ නොහැකියි." ලෙසිනි.68 හැවිරිදි ඉවානා ජනපති ට්‍රම්ප් සමග වසර 15 ක දීග කා තිබෙන අතර ඔහුට දාව දරුවන් තිදෙනකුගේ මවකි. ඇය මේ කාලයේ පොතක් ලියා පළ කර තිබෙන අතර එහි ප්‍රසිද්ධිය පිණිස මාධ්‍ය අතරට පැමිණ සාකච්ඡාවලට සහභාගී වෙමින් සිටී.ට්‍රම්ප් උන්මත්තකයෙකු බව තර්ක කරමින් පළවූ මයිකල් වොල්ෆ්ගේ මතභේදාත්මක පොත නිසා ට්‍රම්ප්ගේ පුද්ගලික ජීවිතය ගැන නැවත වරක් මාධ්‍ය තුළ කථාබහක් ඇතිව තිබෙන වකවානුවක මෙම සාකච්ඡාව කෙරේ විශේෂ අවධානයක් ඇතිව තිබේ.1977 සිට 1992 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ විවාහවී සිටි ඉවානා කියා සිටියේ තවමත් මිතුරන් මෙන් ට්‍රම්ප් ඇසුරු කරන බවයි. ඇය දුරකථනය ඔස්සේ ට්‍රම්ප් හා කතා කරමින්, බොහෝ විට දරුවන් සහ නිවාඩු කාලය පිළිබඳව අදහස් හවමාරු කරගන්නා බවද කියා ඇත. වත්මන් බිරිය මෙලනියාගෙන් ඊට විරෝධයක් නැති බවද පවසා ඇත.
"මම මෙලනියාගේ ස්ථානයේ නම් හිටපු බිරිඳ මගේ ස්වාමිපුරුෂයාට කතා කරනවා නම් ඇත්තටම මම කැමති නැහැ." නමුත් ඇය රටේ පළමු කාන්තාව වෙලත් එහෙම නෑ.  ඇය මෙලනියා අගය කරමින් පවසා ඇත.







ඉංජිනේරු රැකියාවට ඊර්ෂ්‍යා කර සැමියා බිරිය මරලා



ඉන්දියාවේ නොයිඩාහිදී 24 හැවිරිදි ඉංජිනේරු වෘත්තියේ නියැළෙන කාන්තාවක  ඇගේ ස්වාමිපුරුෂයා විසින්  ඝාතනය කර තිබේ. රිචා සිසෝඩියා නමැති මෙම කාන්තාව වසර දෙකකට පෙර කුඩේප් රාගාව් නමැති මෙම ඝාතකයා සමග විවාහවී තිබේ.

ඇය නොයිඩාවේ පෞද්ගලික ආයතනයක ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කළ නමුත් ඔහුට මුල සිටම රැකියාවක් තිබී නැත.
2011 වසරේදී B. B.Tech පාඨමාලාව සම්පූර්ණ කළ කුඩ්ඩේප් රාග්වාට කිසිදු රැකියාවක් ලබා ගැනීමට අසමත් වූ අතර ඔහුගේ පියාගේ සිල්ලර සාප්පුවේදී ඔහු සමග වැඩ කලේය.මියගිය රිචාගේ පියාට අනුව, දෙදෙනා අතර  රැකියාව සම්බන්ධයෙන් කලක සිට ගැටුමක් ඇති වී තිබේ. ඇය උසස් තත්වයේ වෘත්තියක් ගතකිරීම ඔහු නොරිස්සූ බවද පැවසිණි.
පසුගිය සතියේ දෙදෙනා අතර ඇතිවූ ගැටුමකින් පසු මෙම මරණය වාර්තා විය. ඇගේ මළ සිරරේ දරුණු පහරදීම් තිබී හමු විය.
 බරපතළ තුවාල සහිතව රෝහලට ඇතුළත් කළ පසු ඇය කයිලාස් රෝහලේදී මිය ගිය බවත් මනෝ විද්‍යාඥයින්ගේ උපදේශන වාර්තා අනුව කුල්ඩෙප් ඇගේ රැකියාව ගැන ඊර්ෂ්යා කරන ‘අස්ථිර සංකීර්ණයක්‘ සහිතව සිටි බවත් මෙම මිනීමැරුමට හේතුව එය විය හැකි බවත් වාර්තා කර තිබේ.
අපරාධය සිදුවීමෙන් පසුව කුල්ඩේප් රඝාව්සැඟව සිටි නමුත් පසුව  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



මිනිත්තුවක් තුළ පොල් ගෙඩි 122 ක් කඩා දැමීමේ ගිනස් වාර්තාව

මිනිත්තුවක් තුළ පොල් ගෙඩි 122 ක් කඩා දැමීමේ ගිනස් වාර්තාව තබා ඇත්තේ ඉන්දියාවේ කේරළයේ පදිංචි Abheesh P. Dominic ය. ඔහු වාර්තාව තැබූ හැටි පහත පරිදිය.




නවක වදය නිසා පේරාදෙණි සයනස්- මැනේජ්මන්ට් ගහගෙන - සිසුහු 2ක් රෝහලේ



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් ප්‍රතිකාර සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

නවක වධ සිද්ධියක් සම්බන්ධයෙන් නවක වධයට පක්ෂ යැයි කියන කළමනාකරණ පීඨයේ සිසුන් පිරිසක් ඊයේ (15දා) දහවල් කළ පහරදීමක් හේතුවෙන් විද්‍යා පීඨයේ නවක වධයට එරෙහි සිසුන් දෙදෙනකු මෙසේ තුවාල ලබා තිබේ.

විශ්වවිද්‍යාලයේ රග්බි ක්‍රීඩාංගණය අසල විද්‍යාපීඨ සිසුන් පිරිසක් රැඳී සිටින විට 25ක පමණ කළමනාකරණ පීඨ සිසුන් පිරිසක් එහි පැමිණ පහරදීම සිදුකර තිබේ. පැය භාගයකට ආසන්න කාලයක් මේ ගැටුම පැවැති බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ගැටුමට සම්බන්ධ සිසුන් හඳුනා ගැනීම සඳහා විශ්වවිද්‍යාල මට්ටමින් පරීක්ෂණයක් දියත් කොට ඇති අතර උපකුලපති උපුල් බී. දිසානායක මහතාගේ උපදෙස් පරිදි විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් මඟින් මේ පරීක්ෂණය ආරම්භ කොට තිබේ.
තුවාල ලත් සිසුන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා යුග දිවියට !

ජනප්‍රිය නලු කාවින්ග පෙරේරා පසුගියදා යුග දිවියට පිවිසියා.ඔහු අත ගත්තේ වෛද්‍යවරියක් සමගයි.ඇයගේ නම සනායා නම් වන අතර වසර 2ක් තිස්සේ පෙම් සබඳතාවය පැවති බව වාර්තා වේ.
කාවිංග පෙරේරා නව පරපුරේ දක්ෂ නළුවෙක් විදියට හැමදෙනාගෙම ආදරය දිනාගෙන ඉන්නවා.
පහුගිය දවස් වලනම් කාවිංග ගැන එක එක විදියෙ කතා පැතිර ගියා.
කොළඹ ප්‍රධාන පෙලේ සුපිරි හෝටලයක කාවිංගගේ මංගල සාදය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර ඒ සඳහා කලා ලොවේ තරු රැසකට ආරාධනා ලැබිලා තියෙනවා තියලත් දැනගන්න ලැබෙනවා.
ඒ වගේම කාවිංගගේ විවාහ දිවියට සුබ පතමින් ජනප්‍රිය නිළි ශලනි තාරකා තම ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා තිබුණා.
ශලනි සිය මුහුණුපොතේ කාවිංගට සුබ පතමින් තබා තිබු සටහන පහතින්.
“මචං කවි..
ජීවිතේ හමුවු නොයෙකුත් බාධක දුක් කටොලු, කටකතා මැද මිතුරන් අවැසිම මොහොතේදි සෑබෑම මිතුරෙකු සොයුරෙකු වී නොසැලී ලගින් සිටි ඒ මිතුදමට ගොඩාක් ස්තූතියි..
ඒ වගේම අදින් පටන් ගන්න ජීවිතේ ලස්සනම පරිච්ඡේදය අති සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
එහෙනම් මචං “සුභ මංගලම්”




































Tuesday, January 9, 2018

අයිෂ්වර්යා ගැන අමුතුම කතාවක් එළියට


ලොවක් ආකර්ෂණය කළ ඉන්දීය රූමතිය ජනප්‍රිය නිළි අයිෂ්වර්යා රායි පිළිබඳව වූ අමුතුම පුවතක් වෙත මේ වනවිට ලොවපුරා අවධානය යොමුව තිබෙනවා.

ඉන්දියාවේ පුද්ගලයෙකු අයිෂ්වර්යා රායි තම මව බව පවසමින් ඡායාරූප පෙළක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමත් සමඟයි මෙලෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති පුවත වන්නේ.

අන්ද්‍රා ප්‍රදේශවාසියෙකු වන ඔහු නමින් සංගීත් කුමාර්. 

ඔහු පවසන ආකාරයට 1988 එංගලන්තයේ දී අයිෂ්වර්යා රායි මේ දරු උපත සිදුවී තිබෙනවා. 

අයිෂ්වර්යා වයස අවුරුදු 14 දි ඔහුව මෙලොවට බිහි කළ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ . 

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසා ඇත්තේ මෙම පුද්ගලයා පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවයි.

අයිෂ්වර්යා රායි මේ වන විට 44 හැවිරිදි වියේ පසුවන අතර සංගීත් නැමැති මෙම පුද්ගලයාගේ 30 වැනි වියෙහි පසුවීමත් විශේෂත්වයක්. 

මේ අතර වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ අදාළ පුද්ගලයා පවසා ඇත්තේ අයිෂ්වර්යා තමන්ගේ මව බවට ඔප්පු කළ හැකි සියලුම ලියකියවිලි ඥාතින් විසින් විනාශ කළ බවයි. 

එමෙන්ම ඔහු පවසන්නේ තමන්ට අයිෂ්වර්යා ළඟට ගොස් ජීවත් වීමට අවශ්‍ය බවයි.



Monday, January 8, 2018

අපේ කෙටි පණිවුඩ සේවාව

කෙල්ල : කොහමද පණ ?? කොහේද ඉන්නේ??

කොල්ලා : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. (Message sent failed)

කෙල්ල : කෝ ඔයා??? වැඩක්ද??
කොල්ලා : මම ඔයාට Msg එකක් එව්වා.. ඒත් deliver උනේ නැ..(Message sent failed)

කෙල්ල : මම ඔයාට මෙච්චර Msg එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද?? ඇය් උත්තරයක් නැත්තේ??

කොල්ලා: නැ රත්තරන්.. මම Msg එව්වට යන්නේ නැ.. Network problem එකක්.. (Message sent failed)

කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් මගේ පාඩුවේ ඉන්න දෙන්න..

කොල්ලා: ඕන මගුලක් කරගන්නවා... (Message sent successfully.)

Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry

Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...