Monday, January 15, 2018

නවක වදය නිසා පේරාදෙණි සයනස්- මැනේජ්මන්ට් ගහගෙන - සිසුහු 2ක් රෝහලේ



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් ප්‍රතිකාර සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

නවක වධ සිද්ධියක් සම්බන්ධයෙන් නවක වධයට පක්ෂ යැයි කියන කළමනාකරණ පීඨයේ සිසුන් පිරිසක් ඊයේ (15දා) දහවල් කළ පහරදීමක් හේතුවෙන් විද්‍යා පීඨයේ නවක වධයට එරෙහි සිසුන් දෙදෙනකු මෙසේ තුවාල ලබා තිබේ.

විශ්වවිද්‍යාලයේ රග්බි ක්‍රීඩාංගණය අසල විද්‍යාපීඨ සිසුන් පිරිසක් රැඳී සිටින විට 25ක පමණ කළමනාකරණ පීඨ සිසුන් පිරිසක් එහි පැමිණ පහරදීම සිදුකර තිබේ. පැය භාගයකට ආසන්න කාලයක් මේ ගැටුම පැවැති බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ගැටුමට සම්බන්ධ සිසුන් හඳුනා ගැනීම සඳහා විශ්වවිද්‍යාල මට්ටමින් පරීක්ෂණයක් දියත් කොට ඇති අතර උපකුලපති උපුල් බී. දිසානායක මහතාගේ උපදෙස් පරිදි විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් මඟින් මේ පරීක්ෂණය ආරම්භ කොට තිබේ.
තුවාල ලත් සිසුන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment

Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry

Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...