Tuesday, January 9, 2018

අයිෂ්වර්යා ගැන අමුතුම කතාවක් එළියට


ලොවක් ආකර්ෂණය කළ ඉන්දීය රූමතිය ජනප්‍රිය නිළි අයිෂ්වර්යා රායි පිළිබඳව වූ අමුතුම පුවතක් වෙත මේ වනවිට ලොවපුරා අවධානය යොමුව තිබෙනවා.

ඉන්දියාවේ පුද්ගලයෙකු අයිෂ්වර්යා රායි තම මව බව පවසමින් ඡායාරූප පෙළක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමත් සමඟයි මෙලෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති පුවත වන්නේ.

අන්ද්‍රා ප්‍රදේශවාසියෙකු වන ඔහු නමින් සංගීත් කුමාර්. 

ඔහු පවසන ආකාරයට 1988 එංගලන්තයේ දී අයිෂ්වර්යා රායි මේ දරු උපත සිදුවී තිබෙනවා. 

අයිෂ්වර්යා වයස අවුරුදු 14 දි ඔහුව මෙලොවට බිහි කළ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ . 

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසා ඇත්තේ මෙම පුද්ගලයා පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවයි.

අයිෂ්වර්යා රායි මේ වන විට 44 හැවිරිදි වියේ පසුවන අතර සංගීත් නැමැති මෙම පුද්ගලයාගේ 30 වැනි වියෙහි පසුවීමත් විශේෂත්වයක්. 

මේ අතර වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ අදාළ පුද්ගලයා පවසා ඇත්තේ අයිෂ්වර්යා තමන්ගේ මව බවට ඔප්පු කළ හැකි සියලුම ලියකියවිලි ඥාතින් විසින් විනාශ කළ බවයි. 

එමෙන්ම ඔහු පවසන්නේ තමන්ට අයිෂ්වර්යා ළඟට ගොස් ජීවත් වීමට අවශ්‍ය බවයි.



No comments:

Post a Comment

Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry

Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...