Monday, January 15, 2018

ට්‍රම්ප් ටිකක් මෝඩ පහේ තමා ඒත් ජාතිවාදියෙක් නෙවී - හිටපු බිරියගෙන් ප්‍රකාශයක්



එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතැම් විට "මෝඩ පහේ" දේවල්  කරන නමුත් අනිවාර්යෙන්ම “ජාතිවාදියෙකු" නොවන බව ඔහුගේ පළමු බිරිඳ වන ඉවානා ට්‍රම්ප් පවසා තිබේ.

පසුගිය සතියේ අප්‍රිකානු ජාතීන් පිළිබඳ ජනාධිපතිගේ අමනෝඥකම පිළිබඳව එක්සත් රාජධානියේ ගුඩ් මෝනිං බ්‍රිටිෂ් රූපවාහිනී නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මේ කාලයේ එරට පදිංචිව සිටින ඉවානා ට්‍රම්ප් මේ බව කියා ඇත.

ඇය කියා සිටියේ  "සමහර වෙලාවට එයා මෝඩ දේවල් කියනවා තමයි" යනුවෙනි.
'ට්‍රම්ප් ජාතිවාදියෙක්ද?'  ඇසූ විට ඇය කියා සිටියේ "ඔහු ඉතා ස්ථාවර ලෙස අදහස් පළ කරන කෙනෙක් ඉතා අවධානයෙන් හා ඉතා සංවිධානාත්මකව ඔහු වචන හසුරුවනවා ඔහු තර්කයක් ඇතිව යමක් කියනවා.ජාතිවාදියෙක් ලෙස මට නම් කිසිසේත් නම් කළ නොහැකියි." ලෙසිනි.68 හැවිරිදි ඉවානා ජනපති ට්‍රම්ප් සමග වසර 15 ක දීග කා තිබෙන අතර ඔහුට දාව දරුවන් තිදෙනකුගේ මවකි. ඇය මේ කාලයේ පොතක් ලියා පළ කර තිබෙන අතර එහි ප්‍රසිද්ධිය පිණිස මාධ්‍ය අතරට පැමිණ සාකච්ඡාවලට සහභාගී වෙමින් සිටී.ට්‍රම්ප් උන්මත්තකයෙකු බව තර්ක කරමින් පළවූ මයිකල් වොල්ෆ්ගේ මතභේදාත්මක පොත නිසා ට්‍රම්ප්ගේ පුද්ගලික ජීවිතය ගැන නැවත වරක් මාධ්‍ය තුළ කථාබහක් ඇතිව තිබෙන වකවානුවක මෙම සාකච්ඡාව කෙරේ විශේෂ අවධානයක් ඇතිව තිබේ.1977 සිට 1992 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ විවාහවී සිටි ඉවානා කියා සිටියේ තවමත් මිතුරන් මෙන් ට්‍රම්ප් ඇසුරු කරන බවයි. ඇය දුරකථනය ඔස්සේ ට්‍රම්ප් හා කතා කරමින්, බොහෝ විට දරුවන් සහ නිවාඩු කාලය පිළිබඳව අදහස් හවමාරු කරගන්නා බවද කියා ඇත. වත්මන් බිරිය මෙලනියාගෙන් ඊට විරෝධයක් නැති බවද පවසා ඇත.
"මම මෙලනියාගේ ස්ථානයේ නම් හිටපු බිරිඳ මගේ ස්වාමිපුරුෂයාට කතා කරනවා නම් ඇත්තටම මම කැමති නැහැ." නමුත් ඇය රටේ පළමු කාන්තාව වෙලත් එහෙම නෑ.  ඇය මෙලනියා අගය කරමින් පවසා ඇත.







No comments:

Post a Comment

Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry

Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...