Wednesday, January 24, 2018

තුර්කි හමුදා සතු ලෝකයේ හොඳම යුධ ටැංකි ‘ලෙපාර්ඩ්‘


සිරියාවේ කුර්දි පාලන ප්‍රදේශවල පිහිටි අෆ්‍රින් නම් වූ පළාතට තුර්කිය පසුගිය දා හමුදා යැව්වා.

තුර්කිය මෙම ක්‍රියාව සිදු කළේ තම දේශසීමා ප්‍රදේශයේ කුර්දි පාලන ප්‍රදේශයක් පැවතීම ඔවුන් විසින් තර්ජනයක් සේ සලකන නිසයි.

කෙසේ නමුත් තුර්කි යුධ හමුදා මෙම සටන් සඳහා ජර්මනියේ නිෂ්පාදිත යුධ ටැංකි වර්ගයක් වන ලෙපාර්ඩ් (දිවියා) යුධ ටැංකි යොදා ගත්තා.

තුර්කි යුධ මෙහෙයුම විවේචනය කරන අය පවසන්නේ ජර්මනිය තුර්කියට අවි සැපයීම නැවැත්වීමට කල් පැමිණ ඇති බවයි.

ලෙපාර්ඩ් යුධ ටැංකිය මේ වනවිට ලොව පවතින හොඳම යුධ ටැංකිය ලෙස Military Today වෙබ් අඩවිය විසින් මීට සුලු කළකට පෙර නම් කෙරුණා.

1980 ගණන්වල සිට තුර්කිය විසින් ජර්මන් යුධ ටැංකි 750 ක් පමණ මිලට ගෙන තිබෙනවා.




ලබන 31 නවම් පෝයට සුපිරි නීල රක්ත හඳක්

ලබන 31 වනදා පුර පසළොස්වක පොහොය දින පායන සඳ ‘සුපර් බ්ලු බ්ලඩ් මූන්‘ ලෙස නාසා ආයතනය 
හඳුන්වා දී ඇත.

ලෝකයටම මෙම ආකාරයට මෙදින සඳ දිස්වනු ඇත. නිල් හා රක්ත වර්ණයන් එක්වූ අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දී තිබෙන අතර සඳ පෘථිවිය වටා භ්‍රමණය වීමේදී එහි භූ සමීපයට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ආකාර වර්ණ එකතුවීමක් දිස්වන බව දැක්වේ.
මෙදින සඳ සාමාන්‍ය පුර පෝයට වඩා විශාල ලෙස දිස්වනු ඇත. මේ ආකාර සඳක් දිස්වන්නේ වර්ෂ දෙකහමාරකට පමණ වරක් බවද දැක්වේ.



Friday, January 19, 2018

විළියම් කුමරු අවසානයේ තට්ටෙ ගාන්න හිතහදා ගනී

බ්‍රිතාන්‍ය කිරුළ හිමි විළියම් කුමරුට තමන්ගේ පිය උරුමයෙන් පැවතෙන හිසේ කොණ්ඩය යාමේ ගැටලුව අවසානයේ පැහැදිලි ලෙසම තට්ට ගැමේ මෝස්තරයක් දක්වා ගෙන යන්නට සිදුව ඇති බව ලන්ඩන් නුවර 
පුවත්පත් වාර්තා කර තිබේ.


ඔහු සිය හිස බූ ගෑමට තීරණය කර තම බිරිඳ කේට් මිඩ්ල්ටන්ගේ දිගුකාලීන කොණ්ඩා මෝස්තර ශිල්පී රිචඩ් වොර්ඩ් හට පවුම් 180 ක් ගෙවා තට්ටය මතුකර අවශේෂ කොණ්ඩය කොටට කපා අලුත් මෝස්තරයකට පිවිස ඇති බව ඊයේ වාර්තා කර තිබිණි.


ලන්ඩන්හි එවැලිනා ළමා රෝහලේ පැවති රාජකීයයන්ගේ චාරිකාවකදී  ඔහුගේ අලුත් පෙනුම පැපරාසි මාධ්‍ය වලට හසුවිය.


එම අවස්ථාවට ලබන මැයි මස විවාහ දිවියට පිවිසෙන්නට නියමිත හැරී සහ මෙගන්ද එක්ව තිබුණි.

විළියම් හා කේට් යුවළගේ තෙවැනි දරු උපතට දින යෙදී ඇත්තේ ලබන අප්‍රේල් මාසයේය.







Thursday, January 18, 2018

රුවන් සහ ශෙරිල් ගෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක් මෙන්න



නාරි හෑගුම් රුවන්ගේ අලුත්ම එක.. රුවන් මෙ Music Video එකත් එක්ක ලොකු වෙනසක් කරලා තියෙන බව තමයි අපිටනම් පෙන්නේ.. අපිට වෙනදට රුවන් හෙට්ටියාරච්චිගෙන් ඇහුනු සoගීත නාද රටා වලට වඩා වෙනස්ම විදියකට හැඩගැහුණු ගීතයක් කිව්වොත් නිවරදි.. ඒක චමිල් පතිරණගේ වෑඩක්.. මැලේසියාවේ රූපගත කෙරුණු මෙම වීඩියෝවේ රුවන් එක්ක පෙනි සිටින්නේ එයාගේ ආදරණිය බිරිද ශෙරිල් ඩෙකර්.

මෙතනින් බලන්න>>>



වත්කම කෝටි 15,000- ලෝකයේ ධනවත්ම ලාන්කිකයා මෙන්න!

මෙතනින් බලන්න>>>


Tuesday, January 16, 2018

උමාලි යළිත් හොඳම නිළියට හිමි සම්මානය දිනාගනී..!

මෙවර සුමති සම්මාන උළෙල ඊයේ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා.
මෙවර සම්මාන උළෙලේ වසරේ හොඳම නළුවාට හිමි සම්මානය සුමිත් රත්නායක දිනාගනිද්දී වසරේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ උමාලි තිලකරත්න විසින්.
පසුගිය රයිගම් සම්මාන උළෙලේදීත් දක්ෂතම නිළිය ලෙස සම්මානය හිමි කර ගත් උමාලී බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණේ සාරංග ඉදිරියේදී ම ඇය සම්මානයට පාත්‍ර වීමත් එහිදී ඇය විසින් සිදු කළ ඇතැම් ප්‍රකාශයන්ද මූලික කර ගනිමින්.


 
කෙසේවෙතත් මෙම අවස්ථාවෙදීත් සාරංග සුමති සම්මාන උළෙලෙහි නිවේදකයෙකු ලෙස කටයුතු කිරීම විශේෂ අවස්ථාවක් වුණා. නමුත් උමාලි සම්මානය ගන්නා අවස්ථාවේ සාරංග වේදිකාවේ දක්නට ලැබුනේ නැත.

සාගර 2ක් එකට හමුවන සුන්දර දසුනේ විශ්මය !

පෘථවියෙන් වැඩි කොටසක් ආවරණය කර ඇත්තේ දැවැන්ත සාගර ජලයයි.
එවන් සාගර විවිධ සාගර ලෙස නම් කර තිබුණද ලෝකය වටා සම්බන්ධවී ඇත්තේ එකම සාගරයක් පමණයි.
එහෙත් ප්‍රධාන සාගර 2ක ජලය එකිනෙක හා සම්බන්ධවන අවස්ථාවක එම ජලය වර්ණ දෙකකින් හා එකිනෙකට මුසු නොවී පවතින අවස්ථාවක් ඔබ දැක තිඛෙනවාද ?
මේ එම විශ්මිත සිදුවීමේ අනාවරණයයි.
වීඩියෝව පහතින් බලන්න. දුටුවන් මවිත වන මේ අපුරු වීඩියෝව මිතුරන්ටත් බලන්න Share කරමු.

වයසට ගැළපෙන අය පාර්ලිමේන්තුවේ නෑ රිතු විවාහය ගෙන කියන කතා


දවසේ වැඩි කාලයක් රිතූ ගතකරන්නේ set එකේද?
එහෙමමත් නැහැ. මේ දවස්වල ටිකක් විවේකෙන් ඉන්නේ. ඒ නිසා ජිම් එක පැත්තෙත් ගිහිල්ලා එනවා.
මොනවද අලූ‍ත් තොරතුරු?
විශේෂ වැඩක් භාරගත්තේ නැහැ. විවේකෙන් ඉන්නවා මේ ටිකේ.
ජනප්‍රිය නිළියක් වුණාම එහෙම විවේක ගන්න පුළුවන් ද?
පුළුවන්. මම රඟපාපු ටෙලිනාට්‍ය කීපයක් ඉදිරියේ විකාශය වෙන්න ‍පෝලිමේ තියෙනවා. ඒවා පෙන්වනකල් අලූ‍තින් වැඩ භාරගත්තේ නෑ.
ඔහොම විවේක අරගෙන ඊළඟ අවුරුද්දෙත් ජනප්‍රිය නිළිය සම්මානය නූලෙන් අහිමිවේවිද?
එහෙම වෙන එකක් නෑ. මොකද මේ අවුරුද්ද පුරා විකාශය වෙන්න කරපු වැඩ ගොඩක් එකතුවෙලා තියෙනවා.
රිතූ කියන්නේ උප්පැන්න සහතිකේ තියෙන නමමද?
ඔව්. ඇත්තම නම.
ජනප්‍රියත්වය එක්ක කටකතා හැදෙනවා නේද?
රංගන ශිල්පිනියක් කියන්නේ ඒ හැම දේටම ඔරොත්තු දෙන්න ඕන කෙනෙක්. හොඳ විතරක් නමෛයි නරක කටකතා පවා භාරගන්න වෙනවා.
කටකතා නිසා ගොඩයන අයත් ඉන්නවා නේද?
ඔව්. අපට ඉතිං විවිධ කටකතා හැදෙනවා. සමහරු ආරංචියක් ආපු ගමන් ඒවා හරිද වැරදිද කියලා නොහිතා පත්තරවල දානවා. මම ඉතින් අහන දේට විතරක් උත්තර දීලා ඒ කටකතා දිහා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා.
එතකොට අර ”ඇමැතිතුමා” එක්ක සම්බන්ධයක් නැද්ද?
අයියෝ මම එයාව හරියට දන්නේවත් නැහැ. කොහෙවත් ඉන්න අසරණයෙකුට මාව සම්බන්ධ කරලා කතා පැතිරෙනවා.
වාහනය හැප්පුණු වෙලාවේ රිතූ පළමු කෝල් එක දුන්නේ ඒ ඇමැතිතුමාට කියලයි අපට ආරංචි?
පාර්ලිමේන්තු පාරෙදි මගේ වාහනේ හැප්පුණේ මහ රෑ දෙකට. එයා කසාද බැඳපු මනුස්සයෙක්. මම කොහොමද අනේ රෑ දෙකට එයාට කෝල් දෙන්නේ.
එතකොට ඒ කෝල් දීපු කතාව බොරු?
අයියෝ මට හිනායනවා මේවට. ඒ ඇමැතිතුමා ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඇමැතිකෙනෙක් වුණත් මට පවුලක් කඩලා මනුස්සයෙක් අල්ලගන්න කිසිම වුවමනාවක් නෑ.
මේ රිතූ තාම එතැනට වැටිලා නෑ. තාම මට ”කොල්ලෙක්” හොයාගන්න පුළුවන්කම තියෙනවා.
ඇමැතිතුමාව කොහෙදිද අඳුනගත්තෙ?
එකම වතාවයි අපි දෙන්නා මුණගැහිලා තියෙන්නේ. ඒ ටීවී වැඩසටහනකදී එදා හමුවෙලා අඳුනගෙන ගෙදර ගියා. එච්චරයි.
එතකොට එච්චරයි නේද?
එච්චරයි.
දැන් මේ කටකතාව ගැන ඇමැතිතුමා දැනුවත්ද?
ඔව්. එයාට මේ කතාව ආරංචි වෙලා මට කෝල් එකක් ගත්තා. ”නංගි මොකක්ද අර අපි දෙන්නා ගැන යන කතාව” කියලා මගෙන් ඇහුවා. එයාට ඉතිං මඩ ගහන්නනෙ කට්ටිය බලාගෙන ඉන්නේ. ඒ නිසා මම කීවා ඒ කතාව කොහොම පැතිරුණාද කියලා මමවත් දන්නේ නෑ කියලා.
ඇමැතිකෙනෙක්ගෙන් මංගල යෝජනාවක් ආවොත් රිතූට අකැමැතිවෙන්න හේතුවක් තියෙනවද?
මගෙ වයසට ගැළපෙන ඇමැතිලා අපේ පාර්ලිමේන්තුවේ නෑ.
එතකොට ”එයා”?
එයත් වයසයිනේ
නළුවෙක් වගේ කෙනෙක් යෝජනාවක් ගෙනාවොත්?
නළුවො මට බෝයි ෆ්රෙන්ඩ්ස්ලා වගේ පේන්නෙ නෑ. සහෝදරයෝ වගේ. මූණ දිහා බලාගෙන දෙබස් කිව්වට ආදරේ හිතෙන්නේ නෑ.
ඇමැතිකෙනෙකුත්, නළුවෙකුත් නමෛයි නම් එයා කවුද?
මමත් කැමතියි මට දැන් බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් හම්බවෙනවා නම්. තනියම හිටියා ඇති වගේ. ඒත් මට හම්බවෙන්නේ මොන ක්ෂේත්‍රයේ කෙනෙක්ද කියන්න තාම මං දන්නේ නෑ.
තව අවුරුදු පහකින් රිතූ කොතැන ඉඳීවිද?
කසාද බැඳලා ඉඳීවි. රඟපාවිද නැද්ද කියන්න නම් දන්නේ නෑ. මොකද ඒ කාලෙට තනි තීරණ ගන්න බැරිවේවිනේ.
හරි දැන් ඇමැතිතුමා ගැන මොකක්ද අන්තිමට හිතෙන්නෙ?
ඇමැතිතුමා පව්

මද්‍යසාර පරිභ‍ෝජනය වැඩිම රටවල් නම්කරයි



නවතම සංගනනයකින් රට රටවල් වල ජනගහනයට සාප‍ේක්ෂව මද්‍යසාර පරිභ‍ෝජනය කරනා ප්‍රමාණ පිළිබද සංගණනයක් කර තිබ්‍ෙ.
ල‍ෝක ස‍ෞඛ්‍යය සංවිධානය මගින් සිදුකර ඇති ම‍ෙම අධ්‍යයනයට අනුව එක් එක් රටවල භාවිතවන මද්‍යසාර ප්‍රමාණ වාර්ශිකව එම රට්‍ෙ ජනගහනය මගින් බ‍ෙදීම‍ෙන් ම‍ෙම සංගණනය කර තිබ්‍ෙ. ම්‍ෙ අනුව දැනට ල‍ොව වැඩිය‍ෙන්ම මද්‍යසාර භාවිතා වන රට ල‍ෙස බ‍ෙලරුසියාව නම්කර තිබ්‍ෙ.බ‍ෙලරුසියානු පුද්ගලය‍ෙක් වාර්ශිකව මද්‍යසාර ලීටර 17 කට වැඩි ප්‍රමාණයක් ගන්නා බව ම‍ෙමගින් ගනනය කර තිබ්‍ෙ.
සංගණනය අනුව ද‍ෙවන ස්ථානට පත්ව තිබ‍ෙන්න‍ේ පුද්ගල වාර්ෂික මද්‍යසාර පරිභ‍ෝජනය ලීටර 12 කට අධික වන ලිතුව්‍ෙනියාවයි. ම‍ෙම සංගනනයට රටවල් 190ක් භාවිතා කර තිබ්‍ෙ. එම ල‍ේඛණයට අනුව ලංකාව 130 වන ස්ථානය‍ේ පසුවන බව පැවස‍ේ. ක‍ෙස්මුත් ම‍ෙම සංගණනය‍ේ සම්පූර්ණ ල‍ේඛනය ම‍ෙත‍ෙක් ප්‍රසිද්ධියට පත්කර න‍ොමැති.
1. Belarus (17.32 ලීටර)
2. Lithuania (12.65 ලීටර)
3. Czech Republic (12.43 ලීටර)
4. Croatia (12.18 ලීටර)
5. Austria (12.04 ලීටර)
6. Portugal (11.92 ලීටර)
7. France (11.8 ලීටර)
8. Ireland (11.72 ලීටර)
9. Estonia (11.6 ලීටර)
10. Hungary (11.5 ලීටර)
11. Luxembourg (11.4 ලීටර)
12. Germany (11.2 ලීටර)
13. Russian Federation (11.05 ලීටර)
14. Equatorial Guinea (10.99 ලීටර)
15. Poland (10.92 ලීටර)

මහ පොළොව දෙදරයි. ගිනි කදු මතුවෙයි. තුන්වන ලෝක යුද්ධයත් එයි !

අනාගතය ගැන අනාවැකි පළ කිරීම මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට තිබුණත් අනාවැකි පළ කරන්නන් පහල වුවත්, ලොව විශිෂ්ටතම අනාවැකි පළ කරන්නා ලෙස සැලකෙන්නේ මයිකල් නොස්‌ට්‍රඩාමුස්‌ ය.
1503 දී උපන් ඔහු 1566 දී මියයන තුරු ගතකළ අවුරුදු 63 ක ජීවිත කාලය තුළදී පළකර අනාවැකි වලින් 70% කට වඩා සත්‍ය විය.
ඔහු තමන් ජීවත් වූ යුගය ගැන පමණක්‌ නොව නව සහශ්‍රය වූ වසර 2000 තුළ සිදුවන දේ ගැන පවා අනාවැකි පළ කළේය.
වසර 2001 සැප්තැම්බර් මස 11 වැනිදා අල්කයිඩා සංවිධානය විසින් ඇමරිකාවට එල්ල කෙරුණ ත්‍රස්‌ත ප්‍රහාරය ගැන ද අනාවැකි පළ කළේය. ඒ ගැන ඔහු සඳහන් කළේ මෙසේය.
වසර 2000 මුල් අවුරුදු 10 අගදී ලෝකයේ දියුණුම රාජ්‍යය උඩින් පියාඹා එන යකඩ කුරුල්ලන් දෙදෙනෙක්‌ මාරාන්තික ප්‍රහාරයක්‌ එල්ල කරනවා ඇත.
එයින් හයදහසක්‌ මියයනවා ඇත. නොස්‌ට්‍රඩාමුස්‌ මෙහිදී ලොව දියුණුම රාජ්‍යය ලෙස සඳහන් කළේ ඇමරිකාව ගැනය.
එකල ඇමරිකාව යනුවෙන් රටක්‌ ලොව තිබුණේවත් නැත. පසු කාලයේදී ඇමරිකාව ලෙස හඳුන්වන ලද භූමිය ක්‍රිස්‌ටෝපර් කොලොම්බස්‌ නමැති දේශ ගවේෂකයා විසින් සොයා ගෙන තිබුණේද 1492 දී.
ගෝත්‍රික රතු ඉන්දියානුවන් පමණක්‌ ජීවත් වූ ඒ භූමිය එකල ඝන වනයකි. එම වනය ලොව දියුණුතම රාජ්‍යය බවට පත් වන්නේ යයි නොස්‌ට්‍රඩාමුස්‌ එදා දුටුවේය.
නොස්‌ට්‍රඩාමුස්‌ අනාගත වාක්‍ය ප්‍රකාශ කළේ ආවේෂ වීමකින් පසුවය. එම ආවේෂය තුළ කපුවන් සහ මන්තරකාරයන් නටන දඟලන පරිදි ඔහු හැසිරුනේ නැත. ඔහු සිටගෙන හෝ ඇවිදිමින් වෙනස්‌ කටහඬකින් අනාවැකි කීවේය. ඒවා නිතරම කියන ලද්දේ කවිවලිනි.
ඔහුගේ ගෝලයෙක්‌ ඔහු ළඟ සිට ඒවා ලියා ගත්තේය. ආවේෂයෙන් මිදී පියවි සිහියට පැමිණි පසු නොස්‌ට්‍රඩාමුස්‌ එම කවි කියවා බැලුවේය. 1555 දී මේ සියල්ල එකතු කළ ඔහු පොතක්‌ අච්චු ගැසුවේය. මේ පොත අද වන විට දහස්‌ වතාවකට වඩා මුද්‍රණය කර තිබේ.
*****
වසර 1871 ඔක්‌තෝබර් 8 වැනිදා අලුයම ඇමරිකාවේ චිකාගෝ නුවරදී ගින්නක්‌ හටගත්තේය. ඉතා කුඩා නිවසකින් පටන් ගත් ඉතා කුඩා ගින්නක්‌ වුවද පැය කිහිපයක්‌ තුළ ලෝකයේ විශාලතම ගිනි ගැනීම්වලින් එකක්‌ බවට පත්විය. ගින්න දින 3 ක්‌ තිස්‌සේ පැවතින. එමගින් 300 ක්‌ මිය ගියහ. ගෙවල් ලක්‍ෂයක්‌ අළු බවට පත්විය.
මේ ගින්න හටගන්නා බව නොස්‌ට්‍රඩාමුස්‌ විසින් 1555 දී දක්‌නා ලදී. ලෝකයේ දියුණුම රටේ පිහිටි විශාල නගරයක්‌ ගිනි ගන්නා බවත් එමගින් ගෙවල් ලක්‍ෂයක්‌ අළු වන බවත් ඔහුගේ අනාවැකිය විය. 1555 දී ඔහු කියූ තවත් අනාවැකියක සඳහන් වූයේ 1960 ගණන්වලදී මිනිසා හඳට පා තබන බවය. යකඩ කුරුල්ලකු තුළට යන මිනිසුන් තිදෙනකු අහස විදගෙන ගොස්‌ හඳට යන බව ඔහුගේ අනාවැකිය විය.
1963 නොවැම්බර් 22 වැනිදා ඇමරිකන් ජනාධිපති ජෝන් කෙනඩි ඝාතනය කරන බව නොස්‌ට්‍රඩාමුස්‌ 1554 දී කීවේය. ඔහු කීවේ ලොව දියුණුම රටේ රජු 1963 දී ගිනි විදින බටයකින් ගිනි විද මරණ බවය. නොස්‌ට්‍රඩාමුස්‌ගේ කාලයේදී තුවක්‌කු නොතිබිණි. ඔහු ගිනි විදින බටය ලෙස සඳහන් කළේ තුවක්‌කුවටය.
මයිකල් නොස්‌ට්‍රඩාමුස්‌ තම අනාවැකි කවිවලින් සහ ව්‍යංගාර්ථයෙන් කීවේ ඇයි? ඔහු ජීවත් වූ මධ්‍යතන යුගයේදී යුරෝපය තුළ හදි හූනියම්, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, යකුන් බැඳගෙන වැඩ ගැනීම් යනාදිය ගැන විශාල පිළිගැනීමක්‌ තිබූ කාලයකි.
ඒ අනුව එම කටයුතුවල නිරත වීම නීතියෙන් තහනම් විය. එවැනි ක්‍රියාවල නිරත වන අය ප්‍රසිද්ධියේ කණුවක බැඳ ගිනි තබා මරන ලදී. නොස්‌ට්‍රඩාමුස්‌ තම අනාවැකි කවියෙන් හා ව්‍යංගාර්ථයෙන් පැවසුවේ එම නීතියෙන් රිංගා යැමටය. ඔහු කවි මිස අනාවැකි කියන බව ඔප්පු කරන්නට එකල තිබූ ප්‍රංශ ආණ්‌ඩුවට බැරි විය.
ළඟ එන ඉදිරි වසර වන 2018 ගැන ද නොස්‌ට්‍රඩාමුස්‌ 1554 දී අනාවැකි කියා ඇත. 2018 දී ඉතා භයානක දේ සිදුවනු ඇතැයි ඔහු කියයි. තුන්වන ලෝක යුද්ධය 2018 දී පටන් ගන්නා බව කියන ඔහු මහපොළොව විශාල වෙනස්‌කම්වලට භාජන වන බවත් රටවල් ගණන වැඩිවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඔහු මෙයින් අදහස්‌ කරන්නේ බෙදුම්වාදය නිසා රටවල් කැබලි බවට පත්වන බවය. 2018 දී භූ කම්පන, ජල ගැලීම්, ගිනි කඳු පුපුරා යැම් වැනි භයානක ස්‌වභාවික ව්‍යසන හටගන්නා බව නොස්‌ට්‍රඩාමුස්‌ කියා ඇත.
ඔහු කියන්නේ තුන්වැනි ලෝක යුද්ධය ප්‍රංශයෙන් පටන් ගන්නා බවය. 2018 දී පටන් ගන්නා ඒ මහා යුද්ධයේදී යුරෝපයට බලගතු ප්‍රහාර එල්ල වනු ඇත. මේ යුද්ධය දිගු කලක්‌ පවතී. එය වසර 27 ක්‌ පවතින යුද්ධයකි. අවසානයේදී සාමය උදාවන නමුත් එය භුක්‌ති විඳිනු ඇත්තේ රටවල් කිහිපයක්‌ පමණය.
ඉදිරි කාලය තුළදී වල්ගා තරුවකින් පෘථිවියට හානි වන බව ද නොස්‌ට්‍රඩාමුස්‌ පෙන්වා දී තිබේ. ඊළඟට තවත් විශාල ග්‍රහලෝකයක්‌ පෘථිවිය ආසන්නයට පැමිණ අප බේරා ගන්නා බව ද ඔහුගේ අනාවැකියකි.
ඉදිරි වසර 27 තුළ විසුවියස්‌ ගිනි කන්ද පුපුරා 16,000 ක්‌ මැරෙන බව ද ඔහු සඳහන් කර ඇත. මයිකල් නොස්‌ට්‍රඩාමුස්‌ගේ අනාවැකි නිකම්ම ඉවතට දැමීම කළ නොහැක. ඒ ඔහු විසින් ව්‍යංගයෙන් කියූ දේ ඉතිහාසය පුරාම සැබෑ වී ඇති බැවිනි.
ගෝලීය උෂ්ණත්වය පළාතකවත් නැති කාලයක ඔහු ඒ ගැන අනාවැකි පළ කළේ මෙසේයá වනාන්තර වියෑළෙන පොළොව ඉරිතලන කාලයක්‌ 1900 න් පසු උදාවනවා ඇත. රජවරුන් කැලෑ සොරකම් කරනු ඇතැයි ඔහු කියයි. එහි සැබෑ තේරුම වන සංහාරයයි.

නිතර දකින මේ හීනවල ඔබ නොදත් බැරෑරුම් තේරුම් හරියටම දැනගන්න


නින්දේදී අපි විවිධාකාර හීන දකිනවා. සමහර හීන හරිම සුන්දරයි, තවත් සමහර හීන ඉතාම භයංකරයි.
නොයෙක් ආකාරයෙන් දිස්වෙන්නාවූ මේ හීන විවිධාකාර අදහස්වලින් අර්ථ දැක්වෙනවා.
සුබ සිහින සහ අසුබ සිහින කියලා ජෝතිෂ්‍යයෙත් හීන වර්ග කර තිබෙනවා.
 
සුබ සිහිනයක් දැක්කහම කාටත් නොකියා ඉඳීමෙන් සුබ ඵල අත්වෙන බවකුත්, අසුබ සිහිනයක් දුටුවොතින් දෙහි වැනි පැඟිරි ගහකට එය කීමෙන් අසුබ ඵල දුරු වෙන බවකුත් තමයි අපේ මුතුන් මිත්තෝ විශ්වාස කරල තිබෙන්නෙ.
විවිධ සිහින ගැන අපේ රටේ අතීතයේ පටන් එන ආනාවැකි වගේම බටහිර මනෝවිශ්ලේෂකයින් ද සිහින ගැන විවිධ මත පළකර තිබෙනවා.
අපි ඔබ වෙත මේ ගෙන එන්නේ අපි නිතර දකින සිහින කිහිපයක් ගැන මනෝවිද්‍යාත්මකව සහ පාරම්පරිකව පැවත එන අර්ථ දැක්වීම් කිහිපයකුයි. ඔබ දැකපු හීනවලට අනුව මේ අර්ථ දැක්වීම් දෙකෙන් වඩාත්ම නිවැරැදි කුමක්ද යන්න මේ ලිපිය කියවා ඔබටම තීරණය කරන්නට පුළුවන්
1. දත් වැටීම
හීනෙන් තමන්ගෙ දත් හැලෙනව කියන්නෙ හුඟක් අය බහුලවම දකින හීනයක්. මෙය අපිව බයට පත් කරන්න සමත් හීනයක් කිවුවත් නිවැරැදියි.දත් වැටීමේ හීන ගැන ජෝතිශ්‍ය ශාස්ත්‍රය ද ආශ්‍රයෙන් අතීතයේ පටන් පැවත එන මතය තමයි ඒක ඉතාම භයානක සහ අසුබ හීනයක් කියන එක. දත් වැටීමෙන් තමන්ගේ හෝ තමන්ගේ ඥාතියකුගේ මරණය වුවද සංකේතවත් විය හැකියැයි පැවසෙනවා. ඊට අමතරව දරුණු විපත් සහ භයානක අනතුරු වලට මුහුණ පාන්න සිදුවෙන බවටත් මේ හීනය මඟින් අනතුරු හඟවනවලු.
හැබැයි මනෝවිශ්ලේෂකයන්ට අනුව නම් දත් හැලීම මඟින් අර්ථ නිරූපණය වෙන්නේ ඊට තරමක් වෙනස් දෙයක්. වයසට යාමේදී ශරීරයේ සුන්දරත්වය හෝ ශක්තිය අහිමිවීමේ බිය මේ මඟින් නිරූපණය කෙරෙන බවයි ඔවුන්ගේ මතය වී තිබෙන්නේ. ඊට අමතරව තමන්ගේ ජීවිතයේ තමන්ට පාලනය කරගැනීමට අමාරු වෙනසක් සිදුවෙමින් පවතින කාලවලදීත් මේ හීනය පෙනෙන්න ඉඩ තිබෙන බව කියවෙනවා.
2. මරණයට පත්වීම
හීනෙන් තමන් මරණයට පත්වී ඉන්නවා ඔයාලා හීනෙන් දැක තියෙනවද? තමන් මරණයට පත්වීම හීනෙන් දැකීම සුබ සිහිනයක් හැටියටයි අපේ සාම්ප්‍රදායික සිහින අර්ථදැක්වීම්වල පැවසෙන්නේ.
ධනය ලැබීම සහ යහපත් කාලයක් උදාවෙන බවක් තමයි ඒ මඟින් පෙන්නුම් කරනු ලබන්නේ.මනෝවිද්‍යාත්මකව ගත්කල මරණයට පත්වෙනවා හීනෙන් දැකීමෙන් අදහස් වෙන්නෙ තමන්ගේ ජීවිතයේ එක් පරිච්ඡේදයක නිමාවයි. ප්‍රේම සම්බන්ධතාවක් බිඳුණු පසුව හෝ අදහස් අතින් තමන්ගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදුවුණු කාලෙක මේ හීනය පෙනෙන්න පුළුවන් බවයි පැවසෙන්නේ.
3. උසකින් බිමට ඇද වැටීම
යම් උස් තැනකින් බිමට වැටෙනවා දැකීමත් ඉතාම සුලභ හීනයක්. අපේ සාම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව නම් බිමට වැටෙනවා දැකීම අවාසනාවන්ත කාලයක් උදාවෙන බවට පෙරනිමිති දක්වන හීනයක්.මනෝවිශ්ලේෂණයට අනුව ගත්තහම ඉතාම අපූරු අන්දමට තේරුම් ගතහැකි දෙයක් තමයි මේ ඇදගෙන වැටීමේ හීන. මේ හීනවලින් බොහෝදුරට පෙන්නුම් කෙරෙන්නේ ජීවිතයේ යම්කිසි දෙයක් කෙරෙහි ඇති ඔබේ පාලනයේ අඩුවීමක්ලු.
සිහිනයේදී තමන් ඇදගෙන වැටෙන ස්ථානය මඟින් තමන්ගේ පාලනයෙන් තොර කාරණය පිළිබිඹු වන්නට පුළුවන් බවයි පැවසෙන්නේ. උදාහරණයක් හැටියට ඔබ ඔබේ කාර්යාල ගොඩනැඟිල්ලේ මුදුණේ සිට බිම වැටෙනවා දැක්කොත් එමඟින් දක්වනු ලබන්නේ ඔබේ රැකියාවේ ඔබ විඳින දුෂ්කරතාවක් විය හැකියි.
4. පියැඹීම
පියාඹගෙන යනවා දැකීම හරිම සුන්දර වගේම නිතර දකින හීනයක්. පියාඹගෙන යනවා දකින හීනයේ අර්ථයත් ඒ වගේම සුන්දරයි. පියාඹගෙන යනවා හීනෙන් දැකීමෙන් වාසනාවන්ත කාලයක් උදාවී ඇති බව පෙන්නුම් කරන බවයි සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ.සිහින විශ්ලේෂකයන්ට අනුව ගත්තහම පියාඹගෙන යනවා කියන්නෙ ඔබේ සාර්ථකත්වය පිළිඹිබු කෙරෙන හීනයක්.
උසකින් වැටීම මඟින් ඔබේ පාලනයේ දුර්වලතාව පිළිබිඹු වෙනවා යැයි අපි කීවා ඔබට මතක ඇති. පියැඹීම මඟින් පිළිබිඹු වෙන්නේ ඒ සිහිනයේම අනිත් පැත්තයි. ඒ කියන්නෙ ඔබ කරන කටයුත්තක් මනා පාලනයකින් සහ සාර්ථකත්වයකින් ඔබ කරමින් සිටිනා බවක්ලු.
5. දියේ ගිලීම
දියේ ගිලීමත් අපේ සාම්ප්‍රදායක මතයට අනුව අසුබ ඵල ගෙන දෙන සිහිනයක්. එමඟින් රෝග පීඩා, දුක් කරදර සහ මරණය ගැන අනතුරු හඟවන බවක් තමයි පැවසෙන්නේ.
මනෝවිශ්ලේෂකයන්ගේ අදහසට අනුව දියේ ගිලීම මඟින් සංකේතවත් වන්නේ තමන්ට දරාගැනීමට නොහැකි තරම් හැඟීම් ගොඩක සහ සාංකාවකින් පසුවීමයි. උදාහරණයක් හැටියට සම්බන්ධතාවක් බිඳීයාමෙන් පසු දුකෙන් ගතකරන කාලයක් අතරතුර හෝ විසඳාගැනීමට අපහසු තරම් ප්‍රශ්න ගොඩක පැටලී සිටින වකවානුවක මේ වගේ සිහින පෙනෙන්නට තිබෙන ඉඩ වැඩියි.
6. සර්පයන් දෂ්ට කිරීම
සර්පයන් සිහිනෙන් පෙනීම ගැන අතීතයේ සිට පැවත එක විවිධ මත තිබෙනවා. ස්ත්‍රීන් ගැබ් ගැනීමේදී නයින් සිහිනෙන් පෙනෙන බව එක් මතයක්. කළු නයෙක් සිහිනෙන් දැකීම කරදර ඇති කරන අසුබ සිහිනයක් බවත් සුදු නයෙක් දැකීම ධනලාභ ගෙනදෙන වාසනාවන්ත හීනයක් බවටත් සැලකෙනවා. නයෙක් දෂ්ට කරනවා සිහිනෙන් දුටුවොත් සතුරු කරදරයකින් මීදීම අර්ථවත් වන බව පැවසෙනවා.
මනෝවිශ්ලේශණයට අනුව සර්පයන් දෂ්ට කිරීමේ සිහින පෙනෙන්නේ බොහෝවිට ඔබ යම් දෙයක් නොසලකා හරිමින් සිටින කාලයක විය හැකි බවයි පැවසෙන්නේ. ඉදිරියේදී අනතුරක් විය හැකි ප්‍රශ්නයක් ඔබ නොසලකාහරිමින් සිටිනවා නම් එසේත් නැත්නම් යම් දෙයක් ගැන තීරණයක් ගැනීමට නොහැකිව ලතවෙමින් සිටින වෙලාවට මේවගේ සිහින දර්ශනය වෙන්න පුළුවන් බවටයි විශ්වාස කෙරෙන්නෙ.
7. බල්ලන් සපා කෑම
දේව දෝෂ ඇති කාලවලට බල්ලන් සිහිනෙන් පෙනෙන්නේයැයි කියවෙනවා. ඊට අමතරව බල්ලකු සපා කනවා සිහිනෙන් දුටුවොත් සතුරු කරදරයක් හෝ හිතවතකු ඔබ හා තරහ වීමක් ඉන් කියවෙන බවයි සාම්ප්‍රදායික විශ්වාසය.
සිහින විශ්ලේෂකයන් පවසන ආකාරයට ඔබේ මිතුරකු ඔබ හා අමනාපවීම,වංචා කිරීම හෝ ඒ අය ඔබට ද්‍රෝහිවීම මේ සිහිනවලින් සංකේතවත් වනු ලබයි. ඒ අතින් ගත්කල බල්ලන් සපාකෑමේ සිහිනයේ අපේ සාම්ප්‍රදායික මතය සහ බටහිර මනෝවිශ්ලේෂණයේ සමානකමක් ද තිබෙන බව ද ඔබට පෙනේවි.
ගැහැනු පිරිමි ඕනෙම කෙනෙක්ගේ මුහුණ බලලා ඒ කෙනා කවුද කොයි වගේද කියල අනිවා කියන්න පුළුවන් කියල අපි දන්නවා. මූහුණ කියන්නේ ගැහැනියකගේ පරිස්සමෙන් අධ්‍යයනය කරන්න ඕනේ කොටසක්. මුහුණ එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්.
වෙන එකක් තබා නිවුන් සොයුරියෝ දෙන්නෙක්ගේ වුණත් මූහුණේ පුංචි හෝ වෙනසක් තියනවා. එක වරම ගැහැනු ළමයෙක්ගේ මූණක් බලපු ගමන්ම අපිට ගන්න පුළුවන් තොරතුරු තමා ඒ කෙනාගේ වයස, සමාජ පන්තිය විතරක් නෙවෙයි එයාගේ හිතේ මේ වෙලාවේ තියෙන්නේ කොයි වගේ සිතුවිල්ලක්ද කියලා වුණත් පැහැදිලිව කියන්න පුළුවන්.
අද අපි කියල දෙන්නේ ගැහැනු ළමයෙක්ගේ මුහුණේ හැඩය බලලා එයා කොයි වගේ කෙනෙක්ද කියල දැන ගන්න පහසු ක්‍රමයක්. මතක තියා ගන්න මේ සේරම ලක්ෂණ.
එතකොට ගැහැනියකගේ මූණ බලලා සේරම දේවල් තීරණය කරගන්න ඔයාලටත් පුළුවන්. මේ සේරම අපි ගත්තේ පුරාණ චීන ක්‍රමයක් අනුසාරයෙන්. ඔයාලත් හිතල බලන්නකෝ දන්නා අඳුරන ගැහැනු අයගේ මුහුණුවල හැඩය සහ ගතිගුණ මේ ලිපියට සමානද කියල. මිතුරන්ටත් දැනගන්න මේ වටිනා ලිපිය Share කරන්න.

දිවියේ සැප සතුට අත්හල මොරටු සරසවියේ උපාධිධාරී තරුණියෝ..!


මොරටුව විශ්ව විද්‍යාලයෙන් විලාසිතා නිර්මාණ කරණය හා නිපැයුම් ප්‍රවර්ධනය පිළිබඳ උපාධිය ලැබූ නව යොවුන් වියේ පසුවන තරුණියන් දෙදෙනෙකු පැවිදි බිමට පිවිස සිටිති. මෙකී තරුණියන් දෙදෙනා මහරගම ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේ නමින් හා අතුරුගිරියේ ධම්ම සුතා මෙහෙණින් වහන්සේ නමින් පැවිදි දිවියට ඇතුළත් ව සිටිති. බද්දේගම ගිණිමැල්ලගහ ආලෝකෝ උදපාදි සිල්මාතා භාවනා ආරාමයේ දී මෙකී මෙහෙණින් වහන්සේලා දෙනම අපට මුණගැසුණි.
එම මෙහෙණින් වහන්සේලා දෙනම සමඟ දැන උගත් මෙහෙණින් වහන්සේලා හය නමක්‌ භාවනායෝගීව මෙකී ආරාමයේ වැඩ වසති. මහරගම ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේගේ ගිහි කාලයේ ස්‌වාමිපුරුෂයාද පැවිදි දිවියට ඇතුළත්ව සිටියි. උන්වහන්සේද ගිහිකළ මොරටුව විශ්ව විද්‍යාලයේ විලාසිතා නිර්මාණ කරණය හා නිපයුම් ප්‍රවර්ධනය පිළිබඳ උපාධිධාරියෙකි.
 
මේ තිදෙනාම ගිහි කළ මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හලක රැකියාව කොට තිබේ. රැකියාව කරන අවදියේ දී බණ ඇසිමට යොමු වී ධර්ම මාර්ගය ගැන පැහැදී පැවිදි දිවියට පිවිස තිබේ.
අපි දෙන්න කතා කරගෙන තමයි මහණ වෙන්න තීන්දු කළේ. ගිහි කාලයේ මගේ සැමියා මට කලින් මහණ වුණා. ඔහු මහණ වුණේ මගේ මහණ පිංකමට අවශ්‍ය සියලු දේවල් කරලා. උන්වහන්සේගේ මහණ පිංකමට මමත් සහභාගි වුණා. ඒ වේලාවේ මට හිතුණේ අනේ සාදු කියලා. අපි කොහෙද ඉන්නේ. මේ ඉන්න අපිට මොනවා දාලා යන්න බැරිවද ඉන්නේ කියලා හිතුණා. ඇත්තටම අත්හරින්න බැරි දෙයක්‌ නැහැ. මගේ මහණ පිංකමට උන්වහන්සේත් සහභාගි වුණා.
තලගුනේ මෙත්තා ධම්මශීලි මෙහෙණින් වහන්සේ තමයි මාව මහණ කළේ. මේ වන විට මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබු හය දෙනෙක්‌ පැවිදි වෙලා ඉන්නවා. ඒ අය අතර වෛද්‍යවරු, ඉංජිනේරුවන්ද ඉන්නවා යෑයි මහරගම ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේ අප සමග කිහ. ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේ තිස්‌ එක්‌ හැවිරිදි වියේ පසුවෙති.
අතුරුගිරියේ ධම්ම සුජාතා මෙහෙණින් වහන්සේ ගිහි කළ අකුරු කොට ඇත්තේ කොළඹ මියුසියස්‌ විද්‍යාලයෙනි. උසස්‌ පෙළ සමත් විමෙන් පසු මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළු වි උපාධිය ලබා ගෙන ඇත.
 
මගේ තාත්තා ඉංජිනේරුවරයෙක්‌. අම්මා විධායක නිලධාරිනියක්‌ බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තු විට ඕනෑම දෙයක්‌ අත් හරින්න පුළුවන්. ඉන්පසු මහණ වෙන්න තීන්දු කළා. මෙහෙණින් වහන්සේලාට වනගතව ආරණ්‍යගතව භාවනා කටයුතු කරන්න බැහැ. ආරක්‌ෂක තැනක ඉන්න ඕන. කර්කශක නාගරික පරිසරයෙන් මිදිලා භාවනා කරන්න පුළුවන් ස්‌ථානයක්‌ හදලා දෙන්න මාලනි දොඩංගොඩ යුවළගේ අරමුණක්‌ තිබුණා එය අපගේත් අවශ්‍යතාවයක්‌.
ත්‍රිපිටකය හදාරමින් භාවනා කටයුතු කරන්න ගිහි පිරිසට අප හදාරණ දේවල්වලින් මග පෙන්වීමක්‌ කරන්න. කොහොමද ධර්ම මාර්ගයේ යන්නේ ජීවිතය කොහොමද ධර්ම මාර්ගය අනුව හැඩ ගස්‌වා ගන්නේ. මේ දහම් කරුණු ගැන ගිහි පිරිස දැනුවත් කරන්න අප සුදානම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපට තියෙන්නේ පොත්වල තබා ගන්න නෙවෙයි. ඒවා කියලා දෙන්න මෙම ආරාමයේ වැඩසටහන් කිහිපයක්‌ කරනවා. සතියේ දිනවල අපි භාවනා යෝගීව මෙම ස්‌ථානයේ වැඩ ඉන්නවා. ධර්ම දේශනා හා කර්මස්‌ථාන භාවනා සිදුකරනවා යෑයි අතුරුගිරියේ ධම්ම සුතා මෙහෙණින් වහන්සේ පැවසුහ.
හිටපු අමාත්‍යවරයකු වූ අමරසිරි දොඩංගොඩ මහතාගේ නැගණියක්‌ වන මාලනි දොඩංගොඩ මහත්මිය විසින් තමන් සතු නිවස මෙම ආරාමය සඳහා පරිත්‍යාග කොට ඇත.

රුවන්වැලි මහා චෛත්‍යයෙන් රැස් විහිදෙන විඩියෝවක් අන්තර්ජාලයේ

අසිරිමත් රුවන්වැලි මහා චෛත්‍යෙයන් රැස් විහිදෙන බවට කියන වනීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙම සිද්ධියේ විද්‍යාත්මක හේතුවක් නම් මෙතෙක් කවුරුන් හෝ ප්‍රකාශ කර නොමැත.
එම වීඩියෝව පහතින්>>>

හිරගෙදර දුක් විඳින ගැහැණියක් හෙළි කළ සංවේදී හෙළිදරව්වකි


හිරගෙදර ජීවිතය දුකක්” ඒ හිරේ දුක් විඳින්නවුන් කියන කතාවකි. මේ එවන් දුකක් විඳින ගැහැණියක් හෙළි කළ සංවේදී හෙළිදරව්වකි.
“ජීවිතේ කවදාවත්ම දැක්කේ නැති මනුස්සයෙක් උදේ පාන්දරක අපේ ගේ දොරකඩ හිටගෙන හිටියා. අම්මා ඒ මනුස්සයාගේ දිහා බලාගෙන හිටියේ පුදුම වෙලා.”
“ඇයි?”
හුඟක් වෙලාවකට පස්සේ තමයි අම්මා ඒ ප්‍රශ්නෙ ඒ මනුස්සයාගෙන් ඇහුවේ.
 
“මේ පියසෝමගේ ගෙදරද?”
ඒ මනුස්සයා අම්මගෙන් ඇහැව්වා.
“ඔව් . . . මේ එයගේ ගෙදර. ඒත් මහත්තයා ගෙදර නැහැ. වැඩට ගිහිල්ලා”
“එහෙමද?”
ඒත් එක්කම අර මනුස්සයා අම්මගෙ ඇඟට කඩාගෙන පැන්නා.
“ඇයි මොකද?”
ඒ මනුස්සයා අම්මට මෙහෙම කිව්වා.
“නෝනා මේ මුකුත්ම නොදන්නවා ඇති. මෝනගෙ මහත්තයා දැන් ඉන්නේ මගේ ගෑනිත් එක්ක. මම අවුරුදු ගාණක් රට හිටියේ. ඒත් මම හිටපු කාලෙ එයා ඉඳලා තියෙන්නේ නෝන‍ගේ මහත්තයා එක්ක. මම රට ඉඳලා එවපු සල්ලි හැමදේම මට නැති වුණා.
අන්තිමට මගෙ ජීවිතෙත් නැති වුණා. මගේ දරුවා මට නැති වුණා. ඒ ළමයා අසනීප වෙලා මැරුණේ අවුරුදු හතේදි. දැන් ඉතිං මට තවත් නැති වෙන්න දේවල් නැහැ. මං ආයෙත් රට යනවා. මං නෝනට කියලා යන්න ආවේ මේ දරුවන්ට තාත්තව ඕන නම් දැන්මම මොනව හරි කරන්න කියලා.”
අම්මා නාඳුනන පිරිමියා කියන කතාව අහගෙන හිටියේ පුදුමයෙන් වගේ. අන්තිමට අම්මා හොඳටම අඬන්න පටන් ගත්තා. ඒත් එක්කම ඒ මනුස්සයා ගෙදරින් යන්න හැදුවා.
ඒ මනුස්සයා දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය අම්මා එකපාරටම ඒ මනුස්සයා යන පැත්තට දිව්වා.
“මට කියන්න කොහෙද ඔයාගේ ගෙවල් තියෙන්නේ කියලා. ඔයා ඇවිල්ලා කියනතුරු මං ඔය කිසි දෙයක් දන්නේ නැහැ. එයා මට කිව්වේ දුර පළාතකට මරුවක් ලැබුණා කියලා විතරයි”
 
ඒ මනුස්සයාට අම්මා අඬ අඩා කියන්න ගත්තා. අන්තිමට ඒ මනුස්සයා යන්න ගියා. එදා ඉඳන් වරු ගණනාවක්, දවස් ගණනාවක් අම්මා එක දිගටම ඇඬුවා. හරි හමන් කෑමක් බීමක්වත් ගත්තේ නැහැ. එක දවසක් හිමිදිරි පාන්දර අම්මා මා අවදි කළා.
“ඇයි අම්මෙ කොහේ යන්නද?”
මං අම්මගෙන් ඇහුවේ නිදිමතේ ඔලුව කසමින්.
“අපි යමු තාත්තා බලන්න”
ඒ වන විටත් තාත්තා මාස ගණනාවකින් ගෙදර ඇවිත් තිබුණේ නැහැ. අපි උදේම අනුරාධපුරයේ යන කෝච්චියෙන් තාත්තා බලන්නට ගියා. තාත්තාගේ කන්තෝරුවේ අය අම්මාත් මාත් දෙස බැලුවේ පුදුමයෙන් වගේ.
“මේ අය පියසෝම මහත්තයාගේ කවුද?”
“නෝනයි, දුවයි” අම්මා කීවේ ගොත ගසමින්.
“එතකොට . . .” කෙනෙකු අප ඉදිරියට පැමිණ කියන්නට ආ දෙය ගිලගත්තා. “මට මහත්තයා ඉන්න ගෙදර පෙන්වන්න”
අම්මා එහෙම කිව්වත් කවුරුවත් තාත්තා ඉන්නේ කොහේද කියලා පෙන්වන්න කැමති වුණේ නැහැ.
අම්මට එදා ගෙදරට ආව මනුස්සයා ලියලා දුන්න ලිපිනය හොයාගෙන අපි තාත්තා ඉන්න ගේ සොයාගෙන ගියා. අපි කොහොම හරි ඒ ගේ හොයා ගත්තා. අප යනකොටත් තාත්තා ඒ ගෙදර මිදුල අතුගාමින් හිටියේ. අම්මාත් මාත් දැක්ක තාත්තාගේ මුහුණ කළු වෙලා ගියා.
“සන්ධ්‍යා මොකද මෙහෙ”
එයා පසුපසින් තවත් ගැහැනියක්. ඇය දරුවකු ලැබීමට සිටින කාන්තාවක්. කිසිවක් නොකී අම්මා මා ද අතින් අල්ලාගෙන ඒ නිවෙසින් පිටවුණා.
“උඹ නැත්නම් මං වහ ටිකක් කනවා” මඟට ඇවිත් අම්මා මට එහෙම කිව්වා. අම්මත් මාත් ආයෙත් ගෙදර ආවත් වෙනදා අම්මා තුළ වූ සතුට ඊට පස්සේ මම දැක්කේ නැහැ.
“දැන් ඉතිං උඹටයි මටයි ජීවත් වෙන්න රස්සාවක් කරන්න වෙනවා” ඉන්පසු අම්මා ගෙවල්වලට එහායින් තිබූ තේ කොළ පැක්ටරියකට වැඩට ගියා.
“ඔය සිද්ධිය වෙන කොට ඔයාගේ වයස කීයද?”
“මට ඒ කාලේ අවුරුදු දාහතරක් විතර ඇති. අපි පදිංචි වෙලා හිටියේ කුලී ගෙදරක. හැමෝම අම්මට කිව්වා තාත්තගෙන් වන්දියක් ගන්න කියලා.
 
ඒත් අම්මා එහෙම දේකට ගියේ නැහැ. අම්මා ගාමන්ට් එකේ රස්සාවට ගියා. මම ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා තනියම ගෙදරට වෙලා හිටියේ.
“විභාගේ පාස් වුණාද?”
“නැහැ. සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩ හයයි පාස් වුණේ. ඊට පස්සේ අම්මා මාව එයාගේ මහ ගෙදර ගිහින් ඇරලුවා. නමුත් අම්මා නැතිව ඉන්න බැහැ කියලා මම ආයෙත් අම්මා ගාවටම ආවා.
“ඊට පස්සේ මොකද වුණේ?”
“මගේ අම්මා තරුණයි. ඒ වෙනකොටඅම්මගෙ වයස අවුරුදු හතලිහක් විතර ඇති. අම්මා ලස්සනයි. ඒ නිසා වෙන්න ඇති හුඟක් දෙනා අම්මා පස්සෙන් ආවේ. නමුත් සිරි මාමා විතරයි අපේ ගෙදර නිතර ආව ගියේ. ඒ අම්මගේ ඥාති වෙන අයියා කෙනෙක්.
අන්තිමට සිරි මාමා අපේ ගෙදර නතර වුණා. මගේ නම් කිසිම අකමැත්තක් තිබුණේ නැහැ සිරි මාමා අපේ ගෙදර නතර වෙනවාට. ඒ වුණත් එයා නිතර නිතර මා ළඟට එන එක තමයි මට ඉවසන්න බැරි වුණේ. දවසක් මං අම්මට කිව්වා සිරි මාමා මට කරදර කරනවා කියලා.
“බොරු නොකර හිටපං. උඹටත් හරි දැඟලිල්ලක්නේ දැන් තියෙන්නේ” අම්මා මට එහෙම කිව්වා.
ඉන් පස්සේ මම අම්මට මුකුත්ම කියන්න ගියේ නැහැ. ඔය අතරේ තමයි දවසක් සිරි මාමා මට කරදර කරනවා අම්මා දැක්කේ. අම්මා කොහේදෝ තිබුණ මන්නයක් උස්සගෙන ඇවිල්ලා සිරි මාමට ඒකෙන් කෙටුවා. ඊට පස්සේ මටත් අම්මා හොඳටම ගැහුවා.
“ඉන් පස්සේ?”
“මං කාමරේ දොර වහගෙන අඬන්න ගත්තා. ඒ වෙනකොට ගමේ මිනිස්සු අපේ ගෙදරට ඇවිත් හිටියා. පොලීසියෙනුත් ආවා. මං කාමරෙන් එළියට ආවා. ඒත් අම්මා පේන්න හිටියේ නැහැ. පොලීසියෙන් මගෙන් වෙච්ච දේවල් ඇහුවා.
මං හැමදේම කිව්වා. මාව පොලීසියට අරගෙන ගියා. සිරිමාමාගේ මිනිය ඉස්පිරිතාලේ ගෙනිච්චා.
ඒත් අම්මා හිටියේ නැහැ. දවස් දෙකකට පස්සේ පොලීසියෙන් කිව්වා අම්මා ගඟේ පැනලා මැරිලා කියලා.
ඒ වෙලවේ මං පරිවාස නිවාසේ දෙදරන්න කෑගහලා ඇඬුවා. හැමෝම ඇවිත් කිව්වා අඬන්න එපා කියලා. අම්මගෙ මරණය කෙරුවේ රජයේ වියදමින්.
“ඔයාට මොකද වුණේ?”
මගේ ජීවිතේ අපායක් වුණා. මට සිරි මාමා නිසා දරුවෙක් ලැබුණා. ඒ දරුවා හදාගන්න කෙනෙකුට දුන්නා. ඉන් පස්සේ මම ඉබාගාතේ ඇවිද්දා. දකින දකින මිනිස්සු මාව අරගෙන ගියා. සමහර දවස්වලට මාව පොලීසියට අහු වුණා. උසාවි දැම්මා. හිරේ ගියා.
දැන් මම කුණුවෙච්ච අඹ ගෙඩියක් වගෙයි. කාටවත් මගෙන් පලක් නැහැ. ඒත් පාරේ හිටියොත් බේරුමක් නැහැ. එහෙම දවසක තමයි මාව පොලීසියට අහු වුණේ. මාස තුනක දඬුවමක් ලැබුණා.
“ඔය රස්සාවෙන් අයින් වෙන්න බැරිද?”
දැන් මේ රස්සාව කරන්නේ වේලක් කන්න. හිරේ ආවාම තුන්වෙලම සැපයි. පාරේ ජීවිතේ එපා වුණාම පොලීසියට අහුවෙන්න ඉන්නවා.
ගංජා සුරුට්ටුවක් දෙකක් තියන් ඉඳලා අහුවුණාම මාස තුන හතරක් හිරේ ලැගලා සැප විඳින්න පුළුවන්.
ඒකයි මම කිව්වේ එළියට වඩා හිරගෙදර සැපයි කියලා. අනිත් ගෑනුන්ට හම්බ වෙන විසිට්වලිනුත් මට නොයෙක් කෑම හම්බ වෙනවා. කරදරයකුත් නැහැ. ඇය පවසන්නට වුණේ සැහැල්ලුවෙනි.


ලෝකයේ ක්‍රිකට් කණ්ඩායම් වල සිටින ලස්සනම ක්‍රීඩිකාවෝ මෙන්න

ක්‍රිකට් කියන්නේ ඕනෑම කෙනෙක්ට සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩාවක්. ක්‍රිකට් ගහන්න වයස් බේදයක් වගේම කාන්තා පිරිමි බේදයකුත් නෑ.
මේ වෙද්දි කාන්තාවන් අතරත් ක්‍රිකට් ජනප්‍රිය ක්‍රීඩාවක්. එ් නිසා ICC යටතේ කාන්තා ක්‍රිකට් කණඩායම් පවා තියෙනවා.
එ් විදියට ක්‍රිකට් ක්‍රීඩා කරන කාන්තාවන් අතර සුරූපී තරුණියන් පවා ඉන්නවා.
මේ ඉන්නේ ක්‍රිකට් සෙල්ලම් කරන ලෝකයේ ලස්සනම ක්‍රිකට් ක්‍රීඩිකාවෝ.
විඩියෝව හොදයි කියල හිතුනෝත් යාලුවන්ට බලන්න Share කරමු.
මෙතනින් බලන්න>>>

ගණන් කාරයා කරපු දේ නිසා හැමෝම හොල්මන් වෙයි

පට්ට ටැලන්ට් එකක් තියෙන හරි අපුරු කොල්ලෙක් ගැන තමයි අපි මේ පෙන්නන්න හදන්නේ.
වෙන කොහෙවත් නෙවෙයි, අපේ ලංකාවේ කොල්ලෙක්ගේ සුපිරි දස්කමක් තමයි මේ.
විනිශ්චය මණ්ඩලයටත් හිතාගන්න බැහැ මේ කොල්ලගේ වැඩ ටික දැකලා.
එහෙනම් පහත වීඩියෝවෙන් බලන්නකෝ කොල්ලගේ වැඩ ටික.
මේ විඩියෝ ඒක ඔයාගෙ හිතට දැනුනානම් ඔයාගෙ යලුවන්ටත් බලන්න Share කරමු.
මෙතනින් බලන්න>>>

පඩිය ලක්ෂ 60ක් ලැබෙන ලොව තිබෙන භයානක රැකියාවක්

බීරිං මුහුදේ කකුලුවන් ඇල්ලීම යනු ලෝකෙ මාසෙකට වැඩිම වේතනයක් ලබන තවත් එක රැකියාවක්.
උත්තර ධ්‍රැවය ආශ්‍රිත දිය මිදෙන අධික ශීත ඍණ උෂ්ණත්ව කාලගුණය මැද දවසකට පැය 18-20 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ සිට ජනවාරි මාසය වෙනකල් කාලය තුළ ඇලස්කානුවන් මෙම කකුලුවන් අල්ලන රැකියාවේ නිරත වෙනවා.
ඔහුන්ට ඒ වෙනුවෙන් එක මාසයකට ඩොලර් 40000 ක මුදලක් හෙවත් රුපියල් ලක්ෂ 60 ක මුදලක් ගෙවන අතර, අතිශ්‍ය වෙහෙසකාරී හා අවදානම් සහිත රැකියාවකයි මොහුන් නිරත වෙන්නේ.
බීරිං මුහුදු සීමාව යනු ලෝකයේ ගැඹුරු මෙන්ම අනතුරු වැඩි මුහුදු කලාපයක් ලෙස නම් දරා ඇති ප්‍රදේශයක්.
කෙසේ නමුත් මෙය දරාගැනීමේ හැකියාව ඉතා ඉහල මෙන්ම පලපුරුදු කරුවන් හට පමණක් මෙම රැකියාවේ නිරත වෙනවා.
පහත වීඩියෝවෙන් බලන්නකෝ වැඩේ කොහොමද වෙන්නේ කියලා


Monday, January 15, 2018

ආධිත්‍ය නාරායන්, සංක දිනෙත් එක්ක ස්ටේජ් එකේ හොල්මන් කරපු හැටි !

ආධිත්‍ය නාරායන් කියන්නේ ඉන්දියාවේ ඉන්න තරුණ සුපිරි ගායකයෙක්.
මෙයා පසුගිය සෙනසුරාදා ලංකාවට අවා ඒ වෙන මොකකටවත් නෙවෙයි සංගීත සංදර්ශනයක් පවත්වන්න.
මේ සංගීත සංදර්ශනය තිබ්බේ CR and FC Ground එකේ.
මේ සංගීත සංදර්ශනයට ලංකාවේ ඉන්න ගොඩක් ගායන ශිල්පියෝ සහභාගී වුනා.
ලංකාවේ ඉන්න තවත් තරුණ සුපිරි ගායකයෙක් තමයි සංක දිනෙත් කියන්නේ.
ඉතින් සංක සහ ආධිත්‍ය දෙන්නා එකතු වෙලා ස්ටේජ් එක හොල්මන් වෙන්න සුපිරි සින්දු ටිකක් කිව්වේ මේ විදියට.

මෙතනින් බලන්න>>>

මෙතනින් බලන්න>>>


THE RED PANDA

The red panda (Ailurus fulgens) is also known in some areas as the shining cat. It is native to the eastern Himalayas and southwestern China. It is the sole member of its genus, Ailuirs. Its diet mainly consists of bamboo, but it is an omnivore and eats anything the woodlands provide. Its ability to eat bamboo rests with it's strong and sharp curved claws. A distant relative of the giant panda, red pandas have no more than 10,000 adults left in the world, though they are protected by several countries. Experts have blamed the population decline on the loss of natural habitat, and poaching. Like giant pandas, they also have false thumbs that are extensions of the wrist bone. These thumbs aid tremendously in gripping things. Red pandas are typically shy creatures that live solitary lives except around mating season. Females give birth to one to four cubs, usually in the spring and summer. Young pandas remain in their nests for about 90 days before venturing out on their own.
The red panda had been previously classified as a relative of the raccoon (for obvious visual reasons), but later this was found to be inaccurate. Though much smaller than their distant cousins, red pandas are indeed part of the panda family.


BERMUDA TRIANGLE



The Bermuda Triangle is a mythical section of the Atlantic Ocean roughly bounded by Miami, Bermuda and Puerto Rico where dozens of ships and airplanes have disappeared. Unexplained circumstances surround some of these accidents, including one in which the pilots of a squadron of U.S. Navy bombers became disoriented while flying over the area; the planes were never found. Other boats and planes have seemingly vanished from the area in good weather without even radioing distress messages. But although myriad fanciful theories have been proposed regarding the Bermuda Triangle, none of them prove that mysterious disappearances occur more frequently there than in other well-traveled sections of the ocean. In fact, people navigate the area every day without incident.

The area referred to as the Bermuda Triangle, or Devil’s Triangle, covers about 500,000 square miles of ocean off the southeastern tip of Florida. When Christopher Columbus sailed through the area on his first voyage to the New World, he reported that a great flame of fire (probably a meteor) crashed into the sea one night and that a strange light appeared in the distance a few weeks later. He also wrote about erratic compass readings, perhaps because at that time a sliver of the Bermuda Triangle was one of the few places on Earth where true north and magnetic north lined up.

BERMUDA TRIANGLE THEORIES AND COUNTER-THEORIES

In all probability, however, there is no single theory that solves the mystery. As one skeptic put it, trying to find a common cause for every Bermuda Triangle disappearance is no more logical than trying to find a common cause for every automobile accident in Arizona. Moreover, although storms, reefs and the Gulf Stream can cause navigational challenges there, maritime insurance leader Lloyd’s of London does not recognize the Bermuda Triangle as an especially hazardous place. Neither does the U.S. Coast Guard, which says: “In a review of many aircraft and vessel losses in the area over the years, there has been nothing discovered that would indicate that casualties were the result of anything other than physical causes. No extraordinary factors have ever been identified.”

THE GIANT COCONUT CRAB

With the exalted title of the largest land based arthropod in the world, it's a wonder that the Giant Coconut Crab doesn't get more press than it does. These animals are generally nocturnal and live in many coastal and forest regions of Indo-Pacific islands. Including the Western and Central Pacific Ocean, The Indian Ocean and the seas in the area of Indonesia. Some of it's "island names" are the Robber Crab or Palm Thief because of it's reported habit of taking anything it can use, specifically shiny items. But they get their common name from their ability to climb Coconut Palm trees, clip off the Coconuts, return to the ground, peel the husk fromt he coconut, and hammer them open by dropping it repeatedly on rocks, or banging them open with their large claws. The rest of their diet is primarily fleshy fruits, nuts and seeds. Though they are Omnivores and will consume other items as well. Coconut crabs have a body length of about 16 inches, a leg span of 3 feet, and can weigh up to 9 pounds. Though there are accounts of them reaching upwards of 6 feet across and weighing up to 30 pounds. They can also live more than 30 years. 

Coconut Crabs can't swim, even smaller crabs drown in water, though they require water to survive. They have an organ called a branchiostegal lung, that is explained to be something in between gills and lungs. This organ allows the crab to take oxygen out of the air, but also has to be kept moist to function. So it is more likely to see them in daylight during a rain storm as the moisture allows them to breathe more easily. Though an adolescent has many predators, the only danger to a fully grown Coconut Crab are Human Beings. As the crab is a delicacy as well as an aphrodisiac in Southeast Asia and the Pacific Islands. Particularly if the eggs can be harvested from inside the female Coconut Crab.



3 WAYS TO MAKE MONEY WITH CRYPTOCURRENCIES


Right now, it’s practically impossible to go a few days without hearing about the latest cryptocurrency craze. We hear about how Bitcoin or Litecoin is hitting a new high. Chances are, you’ve thought about how to make money with cryptocurrencies. But how can you actually invest in these digital currencies to make money?
There are different ways to make money with cryptocurrencies, and we’ll look at three of them.


1. Buy a Cryptocurrency

Your first option is to just buy coins. There are different exchanges that will allow you to buy coins to keep in your wallet. One of the most popular exchanges is Coinbase. Coinbase offers a super clean user interface and is one of the best ways to get started if you have no prior experience in cryptocurrencies. You can sign up here for $10 in free credit!
Once you’ve created your account you pay the market rate for the coin and then hold onto it until you’re ready to sell. The hope, of course, is that the price goes up.
However, like any investment, you need to be careful. Cryptocurrency prices fluctuate. Right now, Bitcoin is very high-priced. You might have a hard time buying Bitcoin and having it appreciate enough. Some people hope to make money with cryptocurrencies by purchasing Litecoin or Ethereum instead.
In the end, you need to make sure you go through a reputable exchange, and that you back up your digital wallet. Then, you need to pay attention so that you can sell your coins when you feel like your profit has been reached.

2. Accept Payment in Cryptocurrency

Another way to make money with cryptocurrencies is to accept them for payment. If you have a business where you sell products or services, you can accept payment in the cryptocurrency of your choice. You need a digital wallet, and to work with people who are willing to pay in cryptocurrency.
With a little research, you can find clients or customers that use cryptocurrencies and are willing to pay you by transferring the coin through the blockchain. You will have to be able to calculate a rough estimate of what a service might cost, though, based on the value of the coin. If I were to accept Bitcoin for some of my services, I might ask for one-fourth or one-third of a Bitcoin, depending on the project.
Other currencies are less valuable, though. I might be able to ask for three or four ETH if I were being paid in Ethereum. The idea is to have a feel for how your products and services translate into the cryptocurrency of your choice.
After you receive the payment, you could either use it to pay others for something or hold onto it until it rises in value. If the value of the coin goes up, you could see a solid profit by selling for U.S. dollars later.

3. Mine Your Own Cryptocurrency Coins

Finally, it’s possible to mine your own cryptocurrency coins. However, we aren’t in the days where you could just use your home computer to work on mining Bitcoin. Today, with so many miners working with their rigs, it can be difficult if you want to make money with cryptocurrencies through mining.
You need to invest in graphics cards and the right setup for the best chance. You need to know how to build a computer. Once you get it set up, you will be using more electricity. Some coins might be faster to mine than others. For example, you might have more luck mining Litecoin than Bitcoin. However, Litecoin doesn’t sell for as much. You could also mine something like Monero. You can get a lot of them faster, but then you have to be able to sell them on the exchanges. There might not be enough demand for you to sell all your coins if you mine something less popular.

No matter what method you use to make money with cryptocurrencies, though, you have to be aware of market conditions. If a coin drops in value, you might have to wait until it rises again to sell — or it might be a coin that doesn’t pan out and then your losses are permanent. Make sure you understand the risks before you start.

Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry

Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...