Tuesday, January 16, 2018

නිතර දකින මේ හීනවල ඔබ නොදත් බැරෑරුම් තේරුම් හරියටම දැනගන්න


නින්දේදී අපි විවිධාකාර හීන දකිනවා. සමහර හීන හරිම සුන්දරයි, තවත් සමහර හීන ඉතාම භයංකරයි.
නොයෙක් ආකාරයෙන් දිස්වෙන්නාවූ මේ හීන විවිධාකාර අදහස්වලින් අර්ථ දැක්වෙනවා.
සුබ සිහින සහ අසුබ සිහින කියලා ජෝතිෂ්‍යයෙත් හීන වර්ග කර තිබෙනවා.
 
සුබ සිහිනයක් දැක්කහම කාටත් නොකියා ඉඳීමෙන් සුබ ඵල අත්වෙන බවකුත්, අසුබ සිහිනයක් දුටුවොතින් දෙහි වැනි පැඟිරි ගහකට එය කීමෙන් අසුබ ඵල දුරු වෙන බවකුත් තමයි අපේ මුතුන් මිත්තෝ විශ්වාස කරල තිබෙන්නෙ.
විවිධ සිහින ගැන අපේ රටේ අතීතයේ පටන් එන ආනාවැකි වගේම බටහිර මනෝවිශ්ලේෂකයින් ද සිහින ගැන විවිධ මත පළකර තිබෙනවා.
අපි ඔබ වෙත මේ ගෙන එන්නේ අපි නිතර දකින සිහින කිහිපයක් ගැන මනෝවිද්‍යාත්මකව සහ පාරම්පරිකව පැවත එන අර්ථ දැක්වීම් කිහිපයකුයි. ඔබ දැකපු හීනවලට අනුව මේ අර්ථ දැක්වීම් දෙකෙන් වඩාත්ම නිවැරැදි කුමක්ද යන්න මේ ලිපිය කියවා ඔබටම තීරණය කරන්නට පුළුවන්
1. දත් වැටීම
හීනෙන් තමන්ගෙ දත් හැලෙනව කියන්නෙ හුඟක් අය බහුලවම දකින හීනයක්. මෙය අපිව බයට පත් කරන්න සමත් හීනයක් කිවුවත් නිවැරැදියි.දත් වැටීමේ හීන ගැන ජෝතිශ්‍ය ශාස්ත්‍රය ද ආශ්‍රයෙන් අතීතයේ පටන් පැවත එන මතය තමයි ඒක ඉතාම භයානක සහ අසුබ හීනයක් කියන එක. දත් වැටීමෙන් තමන්ගේ හෝ තමන්ගේ ඥාතියකුගේ මරණය වුවද සංකේතවත් විය හැකියැයි පැවසෙනවා. ඊට අමතරව දරුණු විපත් සහ භයානක අනතුරු වලට මුහුණ පාන්න සිදුවෙන බවටත් මේ හීනය මඟින් අනතුරු හඟවනවලු.
හැබැයි මනෝවිශ්ලේෂකයන්ට අනුව නම් දත් හැලීම මඟින් අර්ථ නිරූපණය වෙන්නේ ඊට තරමක් වෙනස් දෙයක්. වයසට යාමේදී ශරීරයේ සුන්දරත්වය හෝ ශක්තිය අහිමිවීමේ බිය මේ මඟින් නිරූපණය කෙරෙන බවයි ඔවුන්ගේ මතය වී තිබෙන්නේ. ඊට අමතරව තමන්ගේ ජීවිතයේ තමන්ට පාලනය කරගැනීමට අමාරු වෙනසක් සිදුවෙමින් පවතින කාලවලදීත් මේ හීනය පෙනෙන්න ඉඩ තිබෙන බව කියවෙනවා.
2. මරණයට පත්වීම
හීනෙන් තමන් මරණයට පත්වී ඉන්නවා ඔයාලා හීනෙන් දැක තියෙනවද? තමන් මරණයට පත්වීම හීනෙන් දැකීම සුබ සිහිනයක් හැටියටයි අපේ සාම්ප්‍රදායික සිහින අර්ථදැක්වීම්වල පැවසෙන්නේ.
ධනය ලැබීම සහ යහපත් කාලයක් උදාවෙන බවක් තමයි ඒ මඟින් පෙන්නුම් කරනු ලබන්නේ.මනෝවිද්‍යාත්මකව ගත්කල මරණයට පත්වෙනවා හීනෙන් දැකීමෙන් අදහස් වෙන්නෙ තමන්ගේ ජීවිතයේ එක් පරිච්ඡේදයක නිමාවයි. ප්‍රේම සම්බන්ධතාවක් බිඳුණු පසුව හෝ අදහස් අතින් තමන්ගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදුවුණු කාලෙක මේ හීනය පෙනෙන්න පුළුවන් බවයි පැවසෙන්නේ.
3. උසකින් බිමට ඇද වැටීම
යම් උස් තැනකින් බිමට වැටෙනවා දැකීමත් ඉතාම සුලභ හීනයක්. අපේ සාම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව නම් බිමට වැටෙනවා දැකීම අවාසනාවන්ත කාලයක් උදාවෙන බවට පෙරනිමිති දක්වන හීනයක්.මනෝවිශ්ලේෂණයට අනුව ගත්තහම ඉතාම අපූරු අන්දමට තේරුම් ගතහැකි දෙයක් තමයි මේ ඇදගෙන වැටීමේ හීන. මේ හීනවලින් බොහෝදුරට පෙන්නුම් කෙරෙන්නේ ජීවිතයේ යම්කිසි දෙයක් කෙරෙහි ඇති ඔබේ පාලනයේ අඩුවීමක්ලු.
සිහිනයේදී තමන් ඇදගෙන වැටෙන ස්ථානය මඟින් තමන්ගේ පාලනයෙන් තොර කාරණය පිළිබිඹු වන්නට පුළුවන් බවයි පැවසෙන්නේ. උදාහරණයක් හැටියට ඔබ ඔබේ කාර්යාල ගොඩනැඟිල්ලේ මුදුණේ සිට බිම වැටෙනවා දැක්කොත් එමඟින් දක්වනු ලබන්නේ ඔබේ රැකියාවේ ඔබ විඳින දුෂ්කරතාවක් විය හැකියි.
4. පියැඹීම
පියාඹගෙන යනවා දැකීම හරිම සුන්දර වගේම නිතර දකින හීනයක්. පියාඹගෙන යනවා දකින හීනයේ අර්ථයත් ඒ වගේම සුන්දරයි. පියාඹගෙන යනවා හීනෙන් දැකීමෙන් වාසනාවන්ත කාලයක් උදාවී ඇති බව පෙන්නුම් කරන බවයි සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ.සිහින විශ්ලේෂකයන්ට අනුව ගත්තහම පියාඹගෙන යනවා කියන්නෙ ඔබේ සාර්ථකත්වය පිළිඹිබු කෙරෙන හීනයක්.
උසකින් වැටීම මඟින් ඔබේ පාලනයේ දුර්වලතාව පිළිබිඹු වෙනවා යැයි අපි කීවා ඔබට මතක ඇති. පියැඹීම මඟින් පිළිබිඹු වෙන්නේ ඒ සිහිනයේම අනිත් පැත්තයි. ඒ කියන්නෙ ඔබ කරන කටයුත්තක් මනා පාලනයකින් සහ සාර්ථකත්වයකින් ඔබ කරමින් සිටිනා බවක්ලු.
5. දියේ ගිලීම
දියේ ගිලීමත් අපේ සාම්ප්‍රදායක මතයට අනුව අසුබ ඵල ගෙන දෙන සිහිනයක්. එමඟින් රෝග පීඩා, දුක් කරදර සහ මරණය ගැන අනතුරු හඟවන බවක් තමයි පැවසෙන්නේ.
මනෝවිශ්ලේෂකයන්ගේ අදහසට අනුව දියේ ගිලීම මඟින් සංකේතවත් වන්නේ තමන්ට දරාගැනීමට නොහැකි තරම් හැඟීම් ගොඩක සහ සාංකාවකින් පසුවීමයි. උදාහරණයක් හැටියට සම්බන්ධතාවක් බිඳීයාමෙන් පසු දුකෙන් ගතකරන කාලයක් අතරතුර හෝ විසඳාගැනීමට අපහසු තරම් ප්‍රශ්න ගොඩක පැටලී සිටින වකවානුවක මේ වගේ සිහින පෙනෙන්නට තිබෙන ඉඩ වැඩියි.
6. සර්පයන් දෂ්ට කිරීම
සර්පයන් සිහිනෙන් පෙනීම ගැන අතීතයේ සිට පැවත එක විවිධ මත තිබෙනවා. ස්ත්‍රීන් ගැබ් ගැනීමේදී නයින් සිහිනෙන් පෙනෙන බව එක් මතයක්. කළු නයෙක් සිහිනෙන් දැකීම කරදර ඇති කරන අසුබ සිහිනයක් බවත් සුදු නයෙක් දැකීම ධනලාභ ගෙනදෙන වාසනාවන්ත හීනයක් බවටත් සැලකෙනවා. නයෙක් දෂ්ට කරනවා සිහිනෙන් දුටුවොත් සතුරු කරදරයකින් මීදීම අර්ථවත් වන බව පැවසෙනවා.
මනෝවිශ්ලේශණයට අනුව සර්පයන් දෂ්ට කිරීමේ සිහින පෙනෙන්නේ බොහෝවිට ඔබ යම් දෙයක් නොසලකා හරිමින් සිටින කාලයක විය හැකි බවයි පැවසෙන්නේ. ඉදිරියේදී අනතුරක් විය හැකි ප්‍රශ්නයක් ඔබ නොසලකාහරිමින් සිටිනවා නම් එසේත් නැත්නම් යම් දෙයක් ගැන තීරණයක් ගැනීමට නොහැකිව ලතවෙමින් සිටින වෙලාවට මේවගේ සිහින දර්ශනය වෙන්න පුළුවන් බවටයි විශ්වාස කෙරෙන්නෙ.
7. බල්ලන් සපා කෑම
දේව දෝෂ ඇති කාලවලට බල්ලන් සිහිනෙන් පෙනෙන්නේයැයි කියවෙනවා. ඊට අමතරව බල්ලකු සපා කනවා සිහිනෙන් දුටුවොත් සතුරු කරදරයක් හෝ හිතවතකු ඔබ හා තරහ වීමක් ඉන් කියවෙන බවයි සාම්ප්‍රදායික විශ්වාසය.
සිහින විශ්ලේෂකයන් පවසන ආකාරයට ඔබේ මිතුරකු ඔබ හා අමනාපවීම,වංචා කිරීම හෝ ඒ අය ඔබට ද්‍රෝහිවීම මේ සිහිනවලින් සංකේතවත් වනු ලබයි. ඒ අතින් ගත්කල බල්ලන් සපාකෑමේ සිහිනයේ අපේ සාම්ප්‍රදායික මතය සහ බටහිර මනෝවිශ්ලේෂණයේ සමානකමක් ද තිබෙන බව ද ඔබට පෙනේවි.
ගැහැනු පිරිමි ඕනෙම කෙනෙක්ගේ මුහුණ බලලා ඒ කෙනා කවුද කොයි වගේද කියල අනිවා කියන්න පුළුවන් කියල අපි දන්නවා. මූහුණ කියන්නේ ගැහැනියකගේ පරිස්සමෙන් අධ්‍යයනය කරන්න ඕනේ කොටසක්. මුහුණ එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්.
වෙන එකක් තබා නිවුන් සොයුරියෝ දෙන්නෙක්ගේ වුණත් මූහුණේ පුංචි හෝ වෙනසක් තියනවා. එක වරම ගැහැනු ළමයෙක්ගේ මූණක් බලපු ගමන්ම අපිට ගන්න පුළුවන් තොරතුරු තමා ඒ කෙනාගේ වයස, සමාජ පන්තිය විතරක් නෙවෙයි එයාගේ හිතේ මේ වෙලාවේ තියෙන්නේ කොයි වගේ සිතුවිල්ලක්ද කියලා වුණත් පැහැදිලිව කියන්න පුළුවන්.
අද අපි කියල දෙන්නේ ගැහැනු ළමයෙක්ගේ මුහුණේ හැඩය බලලා එයා කොයි වගේ කෙනෙක්ද කියල දැන ගන්න පහසු ක්‍රමයක්. මතක තියා ගන්න මේ සේරම ලක්ෂණ.
එතකොට ගැහැනියකගේ මූණ බලලා සේරම දේවල් තීරණය කරගන්න ඔයාලටත් පුළුවන්. මේ සේරම අපි ගත්තේ පුරාණ චීන ක්‍රමයක් අනුසාරයෙන්. ඔයාලත් හිතල බලන්නකෝ දන්නා අඳුරන ගැහැනු අයගේ මුහුණුවල හැඩය සහ ගතිගුණ මේ ලිපියට සමානද කියල. මිතුරන්ටත් දැනගන්න මේ වටිනා ලිපිය Share කරන්න.

No comments:

Post a Comment

Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry

Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...