Sunday, January 7, 2018

බුකිය පුරා ඇවිලුනු, පෙම්වතෙක් කෙල්ලට දීපු Surprise එක ඇතුලේ තිබුණු කවුරුත් නොදන්න ආදර කතාව මෙන්න







ආදරේ..........

මේ අකුරු හුස්ම ගන්නවා කිව්වොත් ඒක වැරදි නැහැ.

මොකද අපි එහෙම කියන්න හිතුවේ ආදරේට ජීවිතයක් ජීවත් කරවන්න, ලස්සන කරන්න වගේම විනාශ කරන්නත් පුළුවන් නිසා.

ආදරේ ළඟ අපි කවුරුත් පොඩි දරුවෝ වගේ.

මොකද ඒ සෙනෙහස විඳින්න හැම හදවතක්ම කැමතියි.

මේ විදිහට ආදරේ ගැන අපි කතාකරන්න හිතුවේ තමන්ගේ ආදරවන්තිය වෙනුවෙන් කරපු සප්‍රයිස් එකක් ගැන මුහුණුපොත පුරාම හුවමාරු වුණු නිසා.

ඔහු නමින් සුමිරාන් ගුණසේකර.

ඇය නවෝද්‍යා ජයමාන්න.

නවෝද්‍යා කියන්නේ සුමිරාන්ගේ මාමගේ දුව.

මේ ආදර කතාව ගලාගෙන යන්නේ හරිම සොඳුරු විදිහටයි.

ඒ ගැන සුමිරාන් ඉස්සෙල්ලම වෙබ් ගොසිප් වෙත දිගහැරියේ මේ විදිහටයි.

“නවෝද්‍යා මගේ මාමගේ දුව. අපි දෙන්නා යාළුවුණේ මීට අවුරුදු 4 කට කළින්. පොඩි කාලෙ එයාව දැක්කම මට හැඟීමක් තිබුණේ නෑ.

එයාගේ තාත්තා ධර්මයට ගොඩක් ලැදි කෙනෙක්. ඉතිං දවසක් එයාලා සෝමාවතිය වදින්න යන්න දාගෙන තිබුණා.

ඒකට මාවත් එක්කගෙන යන්න කියලා අපේ ගෙදරට කතා කළා.

මම ගෙදර එකම දරුවා. අම්මා කවදාවත් මාව තනියම කොහෙවත් යවලා නෑ.

ඒත් එදා අම්මා මට සෝමාවතිය වදින්න නවෝද්‍යාලත් එක්ක යන්න අවසර දුන්නා.

ඉතිං එදා කවදාවත් නැති විදිහට මම නවෝද්‍යාව දැක්කා. එයා වදින පුදන විදිහ. පඩුරු දාන හැටි ඒ හැමදේම.
මමත් ධර්මයට ලැදි කෙනෙක්.

ඉතිං මට එදා හිතුනා මට ගැලපෙනම කෙනා මගේ ජීවිතේ ලස්සන කරන්න පුළුවන් කෙනා නවෝද්‍යා කියලා.

නවෝද්‍යා මාමගේ දුවනේ. පවුල් ප්‍රශ්න ඇතිකරගන්නත් බැහැ.

එදා ඉදලා මම එයා එක්ක චැට් කළා. වැඩිපුර කතා කළා.

සති දෙකක් විතර යද්දි මම එයාගෙන් ඇහුවා. මම ඔයාට කැමතියි කියලා.
එයා ෂොක් වෙලා ගියා.

පස්සේ කිව්වා මේ නිසා පවුල් ප්‍රශ්න ඇතිවෙන්න බැහැ.

අම්මලා අකමැති වුණොත් මේක නතර වෙනවා. එයාලගේ ආශිර්වාදය ලැබුණොත් මේක කරනවා කියලා.
සතියක් යද්දි අම්මට මේක මාට්ටු වෙනවා.

එයාගේ තාත්තා ඇවිත් කතා කරනවා මේ ගැන. එයාලා අපිට කැමති වෙනවා.

එයා මට කැමැත්ත දීලා අවුරුදු හතරක් වෙනවා.

මැයි මාසේ 11 මම හිතුවා සප්‍රයිස් එකක් දෙන්න.

වෙන රටවල මේ වගේ වෙලා තියෙනවා.

ඒත් ලංකාවේ හරි අඩුයි. ඒත් ලංකාවේ කෙල්ලොත් මේ වගේ දේවල්වලට කැමතියි.

ඉතිං මම මගේ වෙඩිල් ප්ලෑනර්ට කෝල් එකක් දීලා මේ විස්තරේ කිව්වා.

එයත් ඕකේ වුණා. මම ඕන විදිහට මම යූටියුබ් එකෙන් වීඩියෝ එකක් බලලා එයාට යවලා වැඩේ ප්ලෑන් කළා.

නවෝද්‍යාගේ යාළුවෙක්ට කිව්වා එයාගේ ෆැෂන් ෂෝ එකක් තියෙනවා කියලා නවෝද්‍යාට ආරාධනා කරන්න කියලා.

වැඩ දාගන්න එපා අනිවාර්යෙන්ම එන්න කියලා එයා කිව්වා.

ඔක්කොම ලෑස්ති කළා. එදා වෙනදා වගේම මම නවෝද්‍යා එක්ක කතා කළා. හැබැයි වෙනද කියෝගෙන යන මම කතා කළේ හරි අඩුවෙන්.

එතකොට එයා මගෙන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද නැත්නම් ඔයාට අසනීපයක්ද කියලා.

මම වාහනේ එද්දි බ්රේක් එක පවා පෑගුනේ නෑ. කකුල් වෙව්ලන්න ගත්තා.

කොහොම හරි වැඩේ කළා.

එයා ඇඩුවා සතුටට.

මිනිහෙක්ට ආදරේට මේ වගේ දෙයක් කරන්න පුළුවන්නේ කියලා මට හිතුනා.”









No comments:

Post a Comment

Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry

Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...