Sunday, January 7, 2018

විවාහයෙන් පස්සේ දිවිගෙවන්න කෝලි – අනුෂ්කා මිලදී ගත් සුපිරි මන්දිරය මෙන්න


පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වූ දෙයක් තමයි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මාගේ විවාහය ගැන.
පසුගිය දෙසැම්බර් 11 වනදා මෙම විවාහ උත්සවය ඉතාලියේදී ඉතා ආකර්ෂණීය ලෙස පැවැත්වුණා අතර එම උත්සවයට සහභාගී වුණේ ඔවුන්ගේ සමීප නෑ හිතමිතුරන් කිහිප දෙනෙක් පමණයි.
ඉන් අනතුරුව නැවතත් ඉන්දියාවේදී මොවුන්ගේ වාවහය වෙනුවෙන් උත්සවයක් පැවැත්වුණා.
ඉතින් විරාත් කෝලිගේ විවාහ උත්සවයත් සමගම හැමෝගෙම අවධානය දිනාගත්තේ මේ යුවළ අලුතෙන්ම මිලදී ගත්ත අති සුඛෝපභෝගී නිවසයි.
මෙම නිවස පිහිටා ඇත්තේ මුම්බායිවලයි.
මහල් 70කින් නිම වුණු මේ නිවාස සංකීර්ණයේ 34 වැනි මහල වෙන් වුණේ විරාත්-අනුෂ්කාගේ වෙනුවෙන්. මෙය ඉන්දියානු රුපියල් කෝටි 34ක් වන බවටයි වාර්තා වන්නේ.
මේ මහල් නිවාසය මුම්බායිහි පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසවලින් එකක් වීම තවත් විශේෂත්වයක්.
ප්‍රකට ක්‍රිකට් තරුවක් වූ යුවරාජ් සිංගේ නිවෙසත් පිහිටා ඇත්තේ මෙහි 29 වැනි මහලේයි. 34 වැනි මහලේ වර්ග අඩි 7171 පමණ විරාත්ගේ නිවසට වෙන් වූයේ අති සුඛෝපභෝගී අංග කිහිපයක්ම නිවෙසට එක් කර ගනිමින්.
අරාබි මුහුදට මුහුණලා පිහිටි මෙම සුපිරි නිවෙසට වැඩි වටිනාකමක් හා සුන්දරත්වයක්ද එමඟින් එක් වුණා. එකිනෙකට වෙනස් වූ අභ්‍යන්තර ගෘහ අලංකරණ තේමාවන්ගෙන් හැඩ වුණු අගනා නිමාවෙන් නිර්මාණය වූ නිදන කාමර පහක්ද මෙහි දැකගත හැකියි. රූපවාහිනි නැරඹුම් කාමරය කහ වර්ණය තේමා කර ගනිමින් වැඩි වටිනාකමක් දිස්වන ලෙස නිමවා තිබෙන අතරම සාලයද අලංකාර වූයේ අගනා ලී ගෘහ භාණ්ඩ කිහිපයකින්.
එම නිවසේ ඡායාරූප පහතින්





No comments:

Post a Comment

Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry

Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...