Sunday, January 7, 2018

ඔබේ නිවසෙත් පොල් ගෙඩිය බිඳලා පොල් වතුර ටික විසිකරනවද..? – මේ කතාව කියෙව්වොත් ඔබ කවදාවත් ඒ දේ කරන එකක් නැහැ


ඕනම නිවසක ආහාර පිළියෙල කරන්න ගන්න දෙයක් තමයි පොල්.
පොල් ගෙඩිය බිඳලා හැමෝම වගේ කරන්නේ පොල් වතුර ටික විසිකරන එක.
ඒත් පොල් වතුරවල මොන තරම්නම් ඖෂධීය වටිනාකමක් තියෙනවද කියලා ඔබ දන්නවද..?
එහෙමනම් මෙන්න මේ කරුණු ටික කියවලා බැලුවොත් ඔබ කවදාවත් පොල් වතුර ටික විසිකරන එකක් නැහැ.
1. පොල් වතුර රුධිරයේ අධික සීනි මට්ටම පාලනය කරයි.
2. පොල් වතුර වකුගඩු වල ගල් ඇති වීමේ රෝගය සඳහා සුවය ගෙන දෙනවා.
3. පොල් වතුර මඟින් හිසකෙස් පෝෂණය කරනවා.
4. පොල් වතුර ආහාර ජීර්ණය සඳහා තියෙන හොඳම පිළියමක් වෙනවා.
5. පොල් වතුර ඉතා ඉහල ශක්තිජනක පානයක්. 
6. පොල් වතුර මුත්‍රා ආසාදන වලට හොඳ ප්‍රතිකාරයක්. දිනකට පොල් වතුර වීදුරු දෙකක් පානය කිරීමෙන් සම්පුර්ණයෙන්ම මුත්‍රා ආසාදන සුව කිරීමේ හැකියාව තියෙනවා.
7. පොල් වතුරේ Lauric අම්ලය අඩංගු වන අතර එමගින් ආහාර වල ඇති සියලුම ප්‍රෝටීන් ආරක්ෂා කරයි.
8. පොල් වතුර පානය මඟින් සම ගැඹුරට ගොස් පෝෂණය කරන අතර සම වියළි ස්වභාවය අවම කරවනවා.
9. රාත්‍රී නින්දට පෙර පොල් වතුර ස්වල්පයක් ගෙන මුහුණේ ඇති ලප කැළැල් වල අලේප කර උදෑසන සෝදා ඉවත් කරන්න.
10. පොල් වතුර පානය වියළි ස්වභාවයෙන් යුතු හිසකෙස් වලට හොඳ ඖෂධයක්. 
11. පොල් වතුර පානය මඟින් රුධිර සංසරණ ක්‍රියාවලිය නිසි පරිදි පවත්වාගෙන යන්න පුළුවන්.
12. ශරීරයට අවශ්‍ය මැග්නීසියම්, යකඩ, කැල්සියම්, සින්ක් හා මැන්ගනීස් ඇතුළු පෝෂණ කොටස් රාශියක් පොල් 13. වතුර වල අඩංගුයි. ඒ වගේම කැලරි සහ විටමින් බී වලිනුත් එය පොහොසත්.
14. මස්පිඬු ශක්තිමත් කිරීමටත් අස්ථි වල සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහාත් පොල් වතුර උපකාර කරයි.
15. සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරනවා.

No comments:

Post a Comment

Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry

Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...