Saturday, January 6, 2018

සයිටම් අහෝසියි -ඒවෙනුවට ස්ලිට් උපාධිය රජයේ අවසන් විසඳුම

මාලඹේ සයිටම් පොද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකර ඒ වෙනුවට අර්ධ උපාධි සිසුන් දැනට තොරතුරු තාක්ෂණ උපාධි පිරිනමන“ස්ලිට්’  ආයතනයට අනුයුක්ත කර අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිකර දෙන බව ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වේ.‍

ස්ලිට් ආයතනය අලුතින් ආයතන දෙකක් ආරම්භ කරන අතර ඉන් එකක් අඩ වශයෙන් නිමකළ සයිටම් සිසුන්ගේ වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන අතර එම අවසාන ශිෂ්‍ය කණ්ඩායම් අධ්‍යාපන කටයුතු නිෂ්කළ පසුව එම ආයතනය වසා දැමිමට නියමිත බව ද පැහැදිලි කර තිබේ.

මීව අමතරව 2019 වසරේ සිට වෛද්‍ය සිසුන් බඳවා ගැනීම සඳහා තවත් වෛද්‍ය අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කරන අතර එම ආයතනය වෛද්‍ය අධ්‍යාපනයේ අවම් ප්‍රමිතීන්වලව අනුකූලව කටයුතු සිදුකරන එකක් වනු ඇති බවද රජයේ නිවේදනයේ දැක්වේ.
අලුතින් පිහිටුවන ආයතන දෙකම රාජ්‍ය නොවන ආයතන වන අතර ලාභ නොලබන ආයතන වන බව ද වාර්තාවේ.

2017 ඔක්තෝබර් 29 වැනිදා ජනාධිපතිතුමා විසින් සයිටම් ගැටලුව විසඳීම සඳහා නිකුත් කළ නිවේදනයේ සඳහන් කරුණු ඉටු කිරීමට 09 දෙනෙකුගෙන් යුතු කමිටුව මෙම විසඳුම් ලබාදී ඇත. 

මාලඹේ ස්ලිට් ආයතනය මේ සම්බන්ධ ගිවිසුම් සඳහා ඊයේ අත්සන් තබා ඇත. න් තබා ඇත. 


No comments:

Post a Comment

Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry

Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...