Sunday, January 7, 2018
සඳ මත ඇවිද ගිය නව වැනි මිනිසා මිය යයි
ඇමරිකානු අභ්‍යාවකාශගාමියකු වූ ජෝන් යංග් මිය ගිය බව NASA ආයතනය විසින් සෙනසුරාදා නිවේදනය කෙරුණා.
මිය යන විට යංග් 87 වන වියේ පසු වුණා.
ඇමරිකානු නාවික හමුදාවේ ගුවන් බලකායේ නියමුවකු වූ යංග්, 1962 දී NASA ආයතනය සමඟ එක් වුණා. ඔහු ජෙමිනි අභ්‍යාවකාශ වැඩසටහන යටතේ දෙවරක්, ඇපලෝ වැඩසටහන යටතේ දෙවරක් සහ අභ්‍යාවකාශ ෂටල වැඩසටහන යටතේ දෙවරක් වශයෙන් සය වරක් අභ්‍යාවකාශගතව තිබෙනවා.
1965 දී ජෙමිනි 3 යානයෙන් පළමු වරට අභ්‍යාවකාශයට ගිය යංග්, එම ගමනේදී හරක් මස් සැන්ඩ්විචයක් සඟවාගෙන යාමට සමත් වූ අතර ඒ පිළිබඳ NASA ආයතනයේ දෝෂාරෝපණයට ද ලක් වුණා.
ඇපලෝ 10 යානයෙන් ඔහු සඳ අසළටම ගමන් කළ අතර නීල් ආම්ස්ට්‍රෝං ගමන් කළ ඇපලෝ 11 යානයේ ගමනට අවසන් පෙරහුරුව වූයේ යංග් සහභාගී වූ ඇපලෝ 10 මෙහෙයුමයි.
1972 දී යංග් ඇපලෝ 16 යානයෙන් සඳ මත ගොඩ බැස්සා. මේ අනුව ඔහු සඳ මත ගොඩ බැස්ස නව වැනි මිනිසා බවට පත් වුණා.
ඔහු 2004 දී NASA ආයතනයෙන් විශ්‍රාම ගත්තා.
Subscribe to:
Post Comments (Atom)
Reckoon's Blockchain & AI Enabled Solution is Shaping the Future of the Retail Industry
Bitcoin Press Release: UK-based Reckoon announces details of their blockchain & AI-enabled, “global shopping platform as a ...

-
මොරටුව විශ්ව විද්‍යාලයෙන් විලාසිතා නිර්මාණ කරණය හා නිපැයුම් ප්‍රවර්ධනය පිළිබඳ උපාධිය ලැබූ නව යොවුන් වියේ පසුවන තරුණියන් දෙදෙනෙකු පැවිදි බ...
-
Hello everyone, blockchain technology is growing. ELONCITY decentralizes our power infrastructure into millions of self sufficient microgri...
-
උදාරි පෙරේරා කියන්නේ කාගෙත් හිත් දිනාගත්ත රංගන ශිල්පිණියක්. පුංචි තිරයේ වගේම රිදී තීරයෙත් දකින්නට ලැබෙන ඇය ගැන මේ කියන්න යන්නේ අලුත්ම...
No comments:
Post a Comment